මූණු පොතෙන් fb Poems 2

*****************
නොබලන
එක්කෙනයි 
නොදකින 
එක්කෙනයි 
දෙන්නෙක් ඈ!
*****************
ඉදිකඩ බිදෙනා 
හඩින් තිගැස්සී 
පුතු එන මංපෙත 
සිහින සොයන්නී 
ලසෝ තැවුල් 
නෙත කදුළුකරන්නී
මිරිවැඩි නොමදුටු
පතුල් තෙමෙන්නී

*****************
හන්තාන උඩින් එන
සීත පවන් රොද
පෑළ දොරින් හිත
ළගට ඇවිත්
මනමාල හඩින් කණ 
ගාව ඉදන් මට
කීව කතන්දර
ඇද්ද තවත්

බිගු රෑන් පිටින් එන
නේක මලින් සැදි
සාර උයන් දොර
සරසවියෙන්
දුර ඈත ගිහින් නුබ
හීන දකින්නට
පාර අහන්නෙත්
මගේ හිතෙන්
*****************
මනමාල හිතට උබ
බෝම මනාපයි
ආල වඩන කටකාර නගේ
හා නැද්ද කියන් මට
ආල පුරන්නට 
පාර දුරයි හැඩකාර නගේ
ලීලෙට ලීලෙයි
ආලෙට ආලෙයි
කෝල හිතින් පිට නොයන් නගේ
මාල හතක් කර
ලන්නට එනවා
පාන්දරම දොර අරින් නගේ
*****************
දෙපයින් ඇවිදින් 
දෝතින් අරගෙන 
පින්පෙත් වඩලා 
සාදු කියාගෙන 
හිස සිට දෙපතුල 
බැදි මළ දුරුකොට
පින් පුරවමු අපි
සසර පුරුද්දට
*****************
සංසාරෙ පුරා 
සැරිසරා ඇවිත් 
පිංසාර සිතින් 
සිරි යහනෙ රැදෙන් 
වස්සානෙ නොවී 
ගිම්හානෙ නොවී
නුබ පාන සිනා
නෙත ළගම රැදී
වත ඔමරි ලතා
අත ළගම රැදී


*****************
සෙනේ පුදා හසරැල්ලේ 
මුවා උනා කදුරැල්ලේ 
ඉ රිමා උදයේ 
මිහිදුම් සළු මත 
සිරිපා වදිනා 
සමනල රෑණක
පුංචි සමනලී
පුංචි සමනලී
කදුරැල්ලේ සෙනේ පුදා
හසරැල්ලේ මුවා උනා
පුංචි සමනලී
පුංචි සමනලී
*****************
මලේ රොණට පිණිබෑවට කමක් නැතී 
දිලේ රුවට මධු මදිරා නිමක් නැතී 
කැලේ හදට පැණි බිදකින් පලක් නැතී 
පැලේ හිමිට මිණි මෙවුලෙත් ඉඩක් නැතී



*****************
දුර සුන්දරයි ළග ගින්දර දැක්කාම 
ඉ ර හින්දමයි හද යන්නෙත් නොකියාම 
නරයින් වදියි පින් පව් දෙක නොබලාම 
පරවෙන්නමයි මල් පිපුනේ හැමදාම
*****************
විජිතය සිහිනයකි සිහිනය විජිතයකි 
ඉ රණම සරදමකි සරදම ඉ රණමකි 
සෙනෙහස උණුසුමකි උණුසුම සෙනෙහසකි 
මරණය කරුමයකි කරුමය මරණයකි

*****************
මුදිතාව ගලයි
හිත හිනැහෙන්නේ
ඒ සුවදින්
අමනාප නොවෙන්
නෙත සැගවෙන්නේ 
ඊට දුරින්
තුරු ලපළු ලතා
මල් වියන යටින්
ඈ යන්න ගියා
මධු සදට හොරෙන්

මකරන්ද හැලී
මල් කෙමි ඉහිරී
බමරුන්ද හඩයි
ඒ මතම හැපී
ආ පාර දිගේ
ඈ යන්න ගියා
මධු සදට හොරෙන්
ඈ යන්න ගියා
ඉන සළුව ලිහී
දෙපතුලෙහි එතී
කුබු දෙතන ඉ රී
තුනුවග වැහැරී
ආ පාර දිගේ
ඈ යන්න ගියා
මුදිතාව සොයා
ඈ යන්න ගියා
යළි නොඑන නියා
ඈ යන්න ගියා
*****************
පැදකුණු කර යමු
පුලින තලා හැම
නුබකුස සරණා
වැහි ළිහිණියනේ
අනෝතත්ත විල 
පෙනෙන ඉසව්වෙදි
අත්තටු හෙලපන්
විල්තෙර වදුලක
මංදාස්මිතියකි
නෙත ගැටෙනා ඉම
යශෝරාවයකි
ආ මග මායිම
අතරමංව සැරි
සරණා ගමනේ
එක පිණි කදුලකි
නුබෙත් මගෙත් හිත

*****************
මලුත් නුබේ 
තෙලුත් නුබේ 
හදුන්කූරු 
විතරක් මගෙ 
පංසලනං 
ලොකු සාදුගෙ
නිර්වානේ
කොහෙ තිබ්බත්
*****************
නොඇන්දෙ ඇයි
කාශ්‍යප රුව
ගලක තියා
හිලකවත්
*****************
පිය මනින හඩ ඇසී 
අවදි විය විශාකා 
පිණි වැටෙන සුව දැනී 
නිදාගත් විශාකා

*****************
කුත් බාරා 
කදුරුවො මයි 
නොපිව අකයි 
ඒ පිච් අයි 
යසාවි උයි 
කපිවම අයි
*****************

රොදින් රොද බැදන් ඉගිලී
යන සමනල රෑණ දිහා
මදින් මද සිනා පතුරා
බලා හිදින්නී
හීන දකින්නී 
පුංචි සුරංගනාවී

ඉදින් සමනලෝ එනකන්
නොයන් හැරදමා විගසින්
මං ආසයි මං ආසයි
උබ ළග ඉන්න
උබේ සිනිදු අත්තටු දෙක
හෙමින් ඉබින්න
ඉබල ඉබල හනි හනිකේ
ගෙදර දුවන්න
පාන තියල බුදු සාදුට
හෙමින් කියන්න
*****************
විල්ලුද බුමුතුරුණු මුතුකුඩ නැතුවාට
මල් ලියකමින් පිරි මන්දිර නැතුවාට
ඇල්දිය කළේ රන් කොතලේ නොවුනාට
මල්ලියෙ දුක් නොවෙන් කුස්සිය නිවුනාට
*****************
කූබි අඩන්නේ 
රැහැයි හිනාවට 
පාන නිමෙන්නේ 
හිතේ නුරාවට
*****************
උතුරයි දකුණයි 
යා උන තැනමයි 
දකුණයි උතුරයි 
වෙන්වී යන්නෙත්
*****************
මැව්වත් මහබබුන් දරු දුක උරුමකොට 
පෙව්වත් නොපෙව්වෙත් පුතුනේ හිස් කුසට 
සිව් සැට කලාවෙන් වැහුවත් යස රුවට 
මව් දෙතනේ කිරි එරුනේ නුබෙ නමට

*****************
මල් 
ලෙලි ගැහුවට 
පොල් 
ලෙලි ගහන්න 
පුලුවනෑ 
නියපොත්තෙන්
*****************
උබේ ආදරේ 
මැද හිල 
නැති 
නූල් රෝදෙ 
වගේ
*****************
පන්සිය පනස් ජාතකයම බදාගෙන 
තුන්සිය හැටපස් දොහම පංසලෙ බුදියගෙන 
අන්සියලූම වැඩ කටයුතු අනාගෙන 
ගැන්සිය උපාසක නෝනල සසුන කන
*****************
පාන නිවෙන්නේ 
තෙල් නැති හින්දා 
හීන පෙනෙන්නේ 
හීතල හින්දා 
නෑන නටන්නේ 
යන්නද මන්දා
මාත් බලන්නේ
එන්නට කැන්දා
*****************
හැර තිබුනානං 
කවුලු පියන් පත් 
එබෙන්නෙ නෑ මං 
ඔය කුටියේ 
සිල් සුවදට 
වැනියන් කළු වැනීයන්
ලංවෙනතුරු වැනීයන්


*****************
හසරැල්ල සගවන්න 
එපා ඔය මධු මලේ 
කෙමි සැලී පෙති ලිහී
බිම වැටෙයි රෑකලේ 
මලේ රුව ඇන්දාට 
උඩ ගලේ පන්සලේ
නැහැ තාම වේලුනේ
පෙගුන තැන් පින්සලේ
ඉඩෝරය නිවෙන්නෑ
වැහි බිංදු වැටෙනකං
මගේ හිත නිදන්නෑ
උබේ අත ගන්නකං
විදුලි එළි නටාවී
මේඝකුළු හඩාවී
හිනැහියන් හිනැහියන්
හිනැහෙන්න හිනැහියන්


*****************
වහිනතුරු 
පොදවැස්ස 
මහවැස්ස 
හීනයක්
*****************
ඉ රිතැලී කිතිකැවී
ඔබ මැවූ හාදකම්
සිරනොවී දුරනොවී
ලෙංගතුව තිබුනනං
මා හා එදා 
කී ඒ කතා
ඔබටයි ප්‍රියේ
මතු වාසනා
හංගං ලයේ
නෑසූ කතා
ඉතිරිව තියේ
තාමත් නෙතේ
නෑ දුටුවෙනං
නෑ ලැබුනෙනං
ඔබගේ දයා
ආරාධනා
කොවුලා කියාවී
කෙවිලී ගයවී
හිමිදිරි උදේ
සුබ ප්‍රාර්තනා
*****************
බහින්නට එපා බං උඩ පඩියෙ ඔහෙ ඉදින් 
හොද කාලෙ ආපුවම ඉබේටම පහළ එයි 
නැට්ටුවොත් මොණරු කොල විසිකරයි ඕසෙටම 
ඔහෙ ඉදින් ඉබේටම වැටිල තෝ මැරිල යයි


*****************
කිරි කමුද 
පැණි කමුද 
දෙතොල දිව 
රංඩු වෙයි 
කිරිත් කමු 
පැණි නැතිව
පැණිත් කමු
කිරි නැතිව


*****************
මං කිව්වට 
මංම නොවී 
මං වෙනවා 
මංම මංම
*****************
ඇට් අ ෆියුනරල්
හිත්තැටිය, මාතර
ජස්ට් නව් !
මේ කොටන්නෙ 
මෙතන ඉදන්
. . . . . . . . .
ගිණි මද්දහනේ
අව් කූටකේ
ඉහිං කණිං
දාඩිය පෙරාගෙන
ඔහේ කෙටෙනවා
සෙනේ සිතින්
හසරැල්ලෙන්
*****************
මගේ හිත ලෙංගතුයි කුලුපගයි මනාපයි 
කෙල්ලෙ උබෙ විලිරුදා දුකක් නොව පිංකමක්
*****************
කවුරුන්ද හිනැහුනේ
ලාහිරුට පෙර උදේ
නෙත කොණින් ඉගිමරා
හැංගිලා මීදුමේ
පිණි බිංදු පිස දමා 
නළල්තල සේදුවේ
රෝස දෙකොපුල තෙමා
අඩවන්න නම් නොවේ

නේක මල් හැදුනාට
එක මලයි පිබිදුනේ
ඒක ඒ විදිහමද
ඔය හිතෙත් පැටළුනේ
රෑක ඇවිදින් ළගට
නොකියාම ගිය දිනේ
කාක නිල බැදි මුද්ද
හීනෙන්ම නැති උනේ
*****************
යා කලාම 
ගගේ ඉවුරු 
පා කරන්නෙ 
කවුරු පහුරු
*****************
දුරට ගියත් 
ළගට ගියත් 
එක හීනෙම 
රූපෙ තිතක්
*****************
පොල් හේනෙ 
මූද ළග 
පොල් නෑනෙ 
එකක්වත්
වැල්ල සොයා 
රැල්ල ඇවිත්
තෙත හලලා 
යන්න ගියා
*****************
කාරි නැතුවා 
බැද්දෙ යන්නට 
සාරි පොඩ්ඩක් 
ඇන්න දෙන්නං 
මාරියාවේ 
සුළං කෝඩෙට
නාරි රූපෙත්
එන්නෙ හරහට
*****************
හිනාවෙන්න ආස නැද්ද මධු සදපානට 
පාන්දරම අවිච්චියා නෑගම් එන්නේ
පින්න ගෙනාවේ මීදුම
හීන පෙමට සැගවී ඉන්න
හාදු දිදී සැගවී ඉන්න
ආස නැද්ද හොරෙන් කියන්න
*****************
ගග මැදින් 
ඉ රිතැලී 
දෙබෑවී 
මතු උනේ 
ගිනිකන්ද 
උඩ අහස

*****************
ජනිත කරන් පුත 
මියගිය සෙනෙහස
අද වැනි දවසක
කටුවන පාරේ 
බෝක්කුවක් ලග

*****************
තනි තරුවේ
එළිය නිවී
දුර ඈතින්
යළි දිලුනා
හිරුට හොරා 
සදුට හොරා
හොරු ගෙනිහින්
දුර අහසේ
අත ඇරුණා

සද එළියේ මුව වැසුනා
සදුට උඩින් යළි දිලුනා
තරු රෑණේ මමයි පුතේ
රජ්ජුරුවෝ උඩයි උඩයි
*****************
Thilakasiri Abhayawardhane
ඔබේ ම අනුරුව ඔබේ ම ළග හිද 
ඔබේ ම මුහුණට සමීප වී 
ඔබේ ම තොරතුරු ඔබේ ම දෑසින් 

විමසන දවසක් ආවාදෝ

ඔබ අප හැරදා වෙන් උන මොහොතේ 
තනිකම නම් අසපුව ඇතුලේ
ඔබගේ සුවදයි අපගේ සුසුමයි 
නිරතුරු ගැවසෙයි ලය මඩලේ

ඔබේ ම අනුරුව ඔබේ ම ළග හිද . . . . . . . .

විල හා මල සේ නොව අප ඔබගේ 
හදවත හා පෑහී ඇත්තේ 
එක ජීවිතයක් අප තනි කරලා 
පිපි මල දෙතැනක පල ගත්තේ

LikeShow more reactions
ReplyJuly 31 at 10:32pmEdited
*****************
ඉණ වටේටම 
කෙලින් අතට 
බුදඩිය පහුරුගායි 
නිය පාර නොහිටින්න

*****************
ඉළපතට පණ ඇවිත් කුස්සියේ දුවනවා
ඉදලටත් පණ ඇවිත් ගේ වටේ දුවනවා
කොස්සටත් පණ ඇවිත් ගේ ඇතුලෙ දුවනවා
ඒත් තව කවුරුවත් ගෙදර නෑ ඇහැරුනේ //

කේතලෙත් ලිප උඩට වෙලා හූ කියනවා
පොල් බෑය හිරමණේ බර බරස් ගානවා
මිරිස් ගල අත් ගලේ හොද නරක හොයනවා
ඒත් තව කවුරුවත් ගෙදර නෑ ඇහැරුනේ //
පාංදර හීතලට හැම දෙයම සීතලයි
හීං සුවදක් ඇවිත් නහය ළග රත් කරයි
තේ හදල තියෙනවා ළමයි දැන් නැගිටින්න
ඕං එතකොට තමයි මුළු ලොවම ඇහැරුනේ//
*****************
අතීතෙට සිනාසී
අතීතෙන් ගෙනා දේ
අතීතෙම වැළලෙන්න
ඉඩ නොදෙන් මිහිරාන
ඉඩ නොදෙන් මිහිරාවි
පවන් රොද සේ ඉන්න
විහගුන්ට පියබන්න
සුසුම් රෑණක් වෙන්න
නෙත කදුළ වියැකෙන්න
ඉඩදෙන්න මිහිරාන
ඉඩදෙන්න මිහිරාවි
පිපුනු කුසුමක් වෙන්න
බමරුන්ට ලංවෙන්න
බමර ගුමුවක් වන්න
කුසුමකට සැනසෙන්න
ඉඩදෙන්න මිහිරාන
ඉඩදෙන්න මිහිරාවි
*****************
ඇවිද්ද හිත
නතර උනේ
සාවිත්‍රිගෙ
පෝර උරේ
ඒත් තාම 
හිත එළියේ
පෝර උරේ 
කට වැහිලා
*****************
අළුත ගෙනා
මනමාලි ඇවිල්ලා
කුස්සිය පුරාම
හිනා දොලක් ,
සිංදු ඇහෙනවා 
සුවද දැනෙනවා
කුස්සියෙ හැදෙනව
රස කෑමක්
නැති සිරියාවක්
කොහෙන් කියන්නද
කිව්වම පිපෙනව
සිනා මලක්,
ඒ සිරියාවම
ඇති මුළු දවසට
ඒකත් තියෙනව
අවුරුද්දක්
*****************
දුම්බර කෙත ළග නෙළුම් පිපෙනවද 
තිත්ත පැටව් වත් නැති කාලේ 
වක්කඩ කැඩුවම ළමයි හැදෙනවද 
කෝම් පිට්ටු බත් හැදි හාලේ
පුරස්ථි ග්‍රන්ථිය ඉදිමුන කියලා
හීන මැරෙනවද බැදි ආලේ
සුරන්ගනා මල් පිපෙන තාක් කල්
ඔය හැම මසුරන් නුබ තුරුලේ
*****************
උද්ධෘතය 
අසීරුයි
පාංතිර 
දැල්ල යට

*****************
මං කෝඩුයි මං කෝඩුයි
තව හරියට කිරිකෝඩුයි
ආදරයේ හිමේ නගින්න
දොළොස් මහේ පහනයි ඔබ
ඈත දිදුලන

පුරපස අවපස දෑලම හිමයට පහළයි
අඩසද පායන කාලෙට හිමයත් පාළුයි
පාළු හිමේ තනිය මකන්න
මං එන්නම් හිත ළග ඉන්න
මගේ කෝඩු ගතිය ඇරෙන්න
හීංසීරු හාදු එවන්න
මිහිදුම් සළු උනා දමන්න
*****************
හිත් බිදී නැව් නැගී
දුරු රටක නිදන්නට
මේතරම් කුහකකම්
ඔබේ හිත රැන්දුවේ
කවුරුන්ද කොහෙදීද 
තියේනම් මතකයේ
මතකයද බොරුකරයි
ඔබට ඔබෙ මතකයේ
පිළිමලුන් නසන්නට
සුමිතුරන් නගන්නට
ගෙවීගිය යව්වනේ
ඔබ වටා කරකැවේ
සාපයද හිස දරා
කෝපයෙන් හිත පුරා
සිනාසෙන නමුදු වත
ඇතුළතින් හඩන්නේ
ඔබ නොවූවත් එදා
අදයි ඔබ දැවෙන්නේ
කප්පරක් කෝටියක්
මල් පොකුරු බිම දමා
ගියත් මහ උජාරුව
යස ඉසුරු සුව සොයා
තනිකමයි පාළුවයි
නිබද ලුහුබදින්නේ
දයිවයේ සරදමට
එදා හිනැහුන නිසා
*****************
සිත ඇත දෙතැනක කූඩු තනාගෙන
පාර අසන්නට කෙනෙක් නොමැති මග 
යනතක එනතක සේයාවක් නැති
අතරබිමක කොහිදැයි රිසි සෙනෙහස
පෙනෙන දෙයට වැඩි දකින දෙයක් නැති 
දකින දෙයට වැඩි පෙනෙන දෙයක් නැති
පාළු හුදකලා සොහොන්බිමක් වැනි
තුත්තිරි පිටියකි අගක් මුලක් නැති
ඈතට මෑතට මානන හසරැළි
වදනින් වදනට දොඩනා දෙඩවිලි
යාවෙන පාවෙන රිද්දන සිතිවිලි
මොනවට මේහැම මවන්නෙ කදුලැලි
*****************
දෙමට මල් පිපෙනවා
දෙවටෙ වැට එක දිගට
කහට නැති හිත් වගෙයි
සුවද දෙයි දස අතට
රොණට ඇදි බමරුනට 
ඉ රිසියා හිතෙන්නට
කාටවත් නොකියාම
වරෙන් මගෙ දොර ළගට

ඉද්ද සමන් වතුසුද්ද පිපේයා
සද්ද නොඑන්නට රේණු නටායා
බැද්ද පිරෙන්නට සුවද රැදේයා
රෙද්ද වැහෙන්නට නෙරිය එතේයා
*****************
නහය ළග 
ඉබින්නේ 
ආදරය 
මරන්නයි
*****************
මගෙ පුංචි සිතුවිල්ල
ඔබ ගාව ගොළු වෙලා
දොර ඇරල ගෙට ගන්න
ආදරය පවසලා
සීතලෙන් මියයාවි 
හිටියොතින් තනි වෙලා
හාද්දක් දුන්නොතින්
උඩ පනියි හිනැහිලා
*****************
කෝදුරුවො නානකොට 
අලි රෑණ දුවනවා 
අලි රෑණ නානකොට 
කෝදුරුවො මැරෙනවා

*****************
තාප්පය බුදියන්නෙ 
නැගිටින්න නම් නොවේ 
රීප්පය ඇදයන්නෙ 
ඇදව ඉන්නත් නොවේ
*****************
යා දෙකම යාවෙලා 
යාය හැදෙනවා නම් 
පා දෙකම පාවෙලා 
පාපයත් හැදුනාද
*****************
නිදිමතයි නිදිමතයි 
එකට එක්කහු වෙලා 
ඇහැරෙන්න ඇහැරෙන්න 
නිදිමතේ නිදනවා

*****************
කාසි රුපියල් මොටද 
අරුංගල් නැති අපට 
කන්පෙත්තෙ හිල මැකුනෙ 
කරපිංච නැට්ටකට

*****************
බටු හිටෙව්වත් වත්තෙ 
වැට ගාව එක පෙලට 
පීදුනේ පතෝලයි 
පංසලේ කරුමයට

*****************
මිනිස් මොළයේ ක්‍රියාකාරිත්වයෙන් අප ප්‍රයෝජනයට ගන්නේ ඉන් 15%ක් පමන වන කුඩා ප්‍රමාණයක් වන අතර 85%ක් පමන වන ඉතිරියද මනාව අපට වැඩගත හැකි බව දන්නේනම් 
මේලොව මීට වඩා සුන්දර හා විශ්මයජනක තැනක් වනු ඇත!


*****************
පිහියක් හැදුවට 
වැඩක්ම නෑ 
පන්නරේ 
නැත්තන්
*****************
තැන්කිව්ට 
තැන්කිව්
*****************
පිස්සු පූස 
මරල දැම්ම 
පත්තර පිටුවකින් 
ගහල
*****************
ගොසින් බැස්සත් රැයක 
ඈත යන බස් එකක 
උන්නෙ හද විතරමයි 
තරු එළිය නැති තැනක 
දුන්නෙ එක හාදුවයි 
හද මාම ගැස්සුනා
කළුවරට බය වෙලා
ඉබේටම ඇහැරුනා
*****************
පංසල් වත්තෙන්
තෙලිජ්ජ බීලා
හුලිජ්ජ දාපන්
පංසල් වත්තෙම

* කොළබ පැත්තෙ
ඇත්තො දනී
ඒත් අනේ
අපි නොදනී
*
*****************
සිහිනයක් වගේ ඇවිදින්
නළල ළග ඉදන්
ඇයි පියබද පවන් සලන්නේ
චාරු ලතා මං හීතල
කදුලු සලන්නී

සද සිසිලට මුවා වෙලා
දෑස පියෙන්නේ
අද මා ළග නැති ඔබ ළග
හීන මවන්නී
චාරු ලතා මං හීතල
කදුලු සලන්නී
ඔය දෑසයි මේ දෑසයි
ඔමරි කරන්නේ
හිත විනිවිද යන කැල්මට
ගත සැනහෙන්නී
සෙනෙහෙලතා මං ආදර
කතා කියන්නී
*****************
පිල් කොණේ ඉදන්
සල් වනේට ආලෙ බදිනවා
සල් වනේ ඉදන්
මල් මාලති ලතා ගොතනවා
හිත් කොණේ ඉදන්
නෙත් මානෙට ආලෙ බදිනවා
නෙත් කොණේ ඉදන්
මත් බමරුන් රැගුම් පානවා
බමර තුඩේ විස හරි නපුරුයි
මීමැස්සන් හොරෙන් කියනවා
බමර තුඩට මං හරි ආසයි
හීං හඩක් ඈත ඇහෙනවා
නපුරු උනත් මං හරි ආසයි
ආස හිතට එහෙම හිතෙනවා
*****************
ඉන්නකං 
විතරමනෙ 
ඉන්න තැන 
දැනෙන්නේ
*****************
ඔය ඩෙංගුව අත ඇරපල්ලා
ඕකද උබලාගෙ ජීවිතේ
ඕක ඇමක් අපි ගිලගත්තු
වමාරන්න බැරි විදිහට
අතාරින්න බැරි විදිහට 
අපි ගිලගත්තූ
කිසිම කෙනෙක් හිතට නොගත්තූ
*****************
නුබ කියන 
දුක හිතෙන 
ඔය කවිය 
මට දෙන්න
*****************
ළමයි බමයි 
වටේ දුවයි 
කේන්ද්‍රයේ 
මම ඉන්නම්
*****************
වල්බූරු 
නිදහසේ 
පොල්බූරු 
පුරවැසියො 
නටත් රගත් 
බෙරේ නැතිව
*****************
ලාබෙට පොල් 
කාපුවාම
පුන්නක්කුත් 
ගණන් යනව
*****************
දෝසි කාල 
ඉවර නැද්ද
වීසි වෙච්ච 
කුණු කූඩේ
*****************
අක්බමරු කෙහෙරැල්ල 
උබට හරි ලස්සනයි 
නංගියේ මල් ගවුම 
තුරුළු කල පොත් මිටිය 
කොහිද අද පැංචියේ
*****************
දිගු නොවන නිසා 
නිශ්චලයි සුන්දරයි 
රාත්‍රිය පුරා 
ඈ සොයයි සිනාසී 
රස හැගුම්
රාත්‍රිය පුරා
රැදී වෙලී
එතී ලෙහෙන්නට
ඔබ සොයයි ඈ
දිවා රෑ පුරා
ලෙහී එතී
වෙලී රැදෙන්නට
ඔබ ඔබම සොයයි
ඈ ඈම සොයයි
ඔහේ රැදි රැදී
*****************
* මුදලාලි බත් ට්බියෙනවද?
# නෑ
* රයි෴?
# නෑ
* පාන්?
# පානුත් නෑ

* ම් ම් ම් ම්
කඩේ වහන ලෑලි තියෙනවද?
# ඔව් ඔව් තියෙනවා
* එහෙනන් @#%#% නැතුව කඩේ වහල 
මං වාගෙ බඩට කොට්ටයක් තද කරගෙන තෝත් බුදිය ගනිං
*****************
සාධු චරිතේ සුවද දැනුනා පැන් කළේ දිය සෙලවුනා
හාදවූ හිත් කොණේ සැමදා මැවේ හසරැලි වාසනා
හාදු වැස්සේ තෙමෙන සිහිනේ සැබෑ දිවියට ලං උනා
මාද ඔබවිය ඔබද මාවිය බිළිදු දෙතොලේ කිරිසිනා
*****************
වරක nothing
වැල something
ඉදල හිටල 
hot drinking
පාංකඩේ වහල වරෙං 
නොනගතේට එන්ඩ කළිං

*****************
* * * * * *
සිල් බින්දත් පබාවතී
තක්සලාව ගිනිගනිද්දි
සැතපෙන්නේ තරුයහනක
හිමයායේ අනන්තයේ

කෝටුකිතයියන් හඩනා
බිම්කළුවර පිණි වැටෙද්දි
ලයේ සුසුම හිතට හොරා
විසිකෙරුවා හිස් අහසට
* * * * * *
*****************
ඇහැට දුරයි හිතට ළගයි
ඔබ කොතැනද ඉන්නේ
ගමන දුරයි පවස දැනෙයි
කිමදෝ ලතවෙන්නේ
යාවෙන හිත් තුල 
පාවෙන හැගුමන්
කොහෙදෝ දිවයන්නේ
ඔබ ඔතැනම හිද
මා මෙතැනම හිද
කෙලෙසද ලංවන්නේ
වීණාවක් හැඩවෙන්නෙ ඔබේ ළග
පාංපැලට ඉ ර එන්න කලින්
පා දරට නිදියන්න හිතක් නෑ
සීතාවක් මා සොයන හෙයින්
ආං බලන් සකි මේං බලන් සකි
ඉ රබටු තරුවත් කොහෙද ගිහින්
කර දිළිසෙන්නට මාල පොටක් බැද
හීංසැරේ මගෙ පැදුර ගෙනෙන්
*****************
කොංඩ කුරුල්ලෙක් හීන මවනවා
දං පදුරට ඉගි බිගි පාලා
පිච්ච මලක් ළග ඔච්චම් කරමින් 
මල් සූටික්කෙක් ගීත ගයනවා
රූං පෙත්ත වගෙ පියබා ඇවිදින්
රාංකිරිල්ලී කැවුම් බදිනවා 
ඔච්චර හොදනං මෙච්චර කෝළම් 
කරන්නෙ මොකටෙයි කැවුම අඩනවා
*****************
හීතල යන්නැති පාන්දරක් මේ
ආතල මුත්තල ගිනි තපින
කේතලයක් ලිප උඩ තිබ්බානං
කෝපි එකක් බොන්නට ලැබෙන
නෝනල නැති කල ඇල්වතුරත් නෑ 
පයිප්පෙ විතරයි ඔහෙ තියෙන
නෑනල සිහිවෙන හීන මැවීයන්
හීංසැරේ පොත අල්ලෙම රැදෙන
*****************
කෝ බොල සේතං
පිහිය අරං වර
ආං අරකිගේ
බොටුව කපන්නට
ඈ බං මැගිලින්
කැත්ත ඇන්න වර
ආං අරූගෙ
බිජ්ජ පලන්නට
*****************
දොළේ ඉවුරට රහස් ඇසුනා
මලේ තනිකම ඉබේ මැකුනා
සීත සැන්දෑවේ
කුබුක් ගහ නැහැ හොරෙන් බැලුවේ
අපේ පිළිසදරේ 
කෙළෙස ඇරබී නිමාවීදෝ
සොදුරු පිළිසදරේ
දොලේ පා උන හිනා පිළිසදරේ

පා හොවාගෙන දෙපා මැද්දෙන්
යාවුනා හිත් අපට නොදැනිම
පා උනාදෝ මදනළක් ලෙස
නෑ කියන්නේ කවුරුවත් අද
නෑ අසන්නේ කවුරුවත් අද
අපේ පිළිසදරේ
නිමා නැති හිනා පිළිසදරේ
*****************
කොහිල දලුයි පොලොසුයි කැකිරියි
කිරිකොස් මාලුව එක්ක හදන්නම්
සුදු හාලේ බත උණුවෙන් බෙදුවා
පපඩම් නෑ අද කාසි හිගවෙලා
තරහගන්නෙපා මගෙ රත්තරනේ 
මැල්ල කොලත් අති බැදලා දෙන්නම්
*****************
යකාට ගියදෙන් අමිල ආදරේ
මෙහෙට වරෙන් ඔය කොස්ස අරන්
කුණුටික යන්නට ගේ අතුගාපන්
ඊටපස්සෙ ළිද ළගට ගිහින්
දත කට මැදපන් මූණ හෝදපන් 
ඇගපත පිහදන් හනික වරෙන්
ලස්සන ඇදුමක් බාගෙට ඇදලා
පළමු එකාටම බහක් දියන්
*****************
එකම කුඩේ යට පාළු මාවතේ
හෙමින් ඇදී යනවා
අතිනත පටලා දෙඋරම හැපි හැපි
ඔහේ ඇවිද යනවා
ඈත වලා පෙළ ඔච්චම් කර කර
හෙමින් ඇදී යනවා
සෙනේ සිතින් ලැසි ගමනින්
හෙමින් ඇදී යනවා
ඔහේ ඇවිද යනවා
*****************
තනිකම ළග නැති 
තනිකම කුමටද 
තනියෙන් යන්නට යන්න ගියේ 
ඉන්න හිටින්නට 
තැනක් තියෙනවද 
තිබුන තැනත් දෙක පහට ගියේ
ලොකුකම පමනයි
කර උඩ ආවේ
දොරකඩ ගාවදි බැහැල ගියේ
නම්බුකාරකම
ඈතින් උන්නත්
ඒකත් නොකියම යන්න ගියේ
*****************
පියබන්න එපා දුර ඈත හිමේ
නුබෙ තටුව පුරා පිණි බැදෙයි රැයේ
උණුසුමක් සොයා යළි එන්න දුරයි
හීතලත් වැඩියි ගනදුරත් දැඩියි
උණුසුමක් සොයා යළි එන්න දුරයි 
පියබන්න එපා දුර ඈත හිමේ

කිරි දියෙන් දොවා
හිම සිරස හොවා
මල් ඔටුනු තනා
තිබුනාට රුවින්
උනුසුමක් නොවේ
සැනසුමක් නොවේ
උණුසුමක් සොයා යළි එන්න දුරයි
පියබන්න එපා දුර ඈත හිමේ
අත අතට තියා
හිස හිසට තියා
සවනතෙහි රැදී
රහසින්ම කියයී
මුදු දෙතොලෙ තියා
සෙනෙහසක් කියයි
උණුසුමක් සොයා යළි එන්න දුරයි
පියබන්න එපා දුර ඈත හිමේ
*****************
ලගී නෙතග ලගී තොලග
බන්දා රසුදැල්
යශෝරාව උතුරායන
මුව හසරැලි මල්
උලා නෙතග උලා තොලග 
රස ඕජස දුල්
නළල හොවයි පොලෝ තලේ
නටා උයනෙ සල්
ළැම වැසෙනා දුහුල ඉ රී
පැළදී කඩුපුල්
නෙරිය ලිහී සළු මිදුනා
වඩනා මනලොල්
හසරැල්ලේ සැගවෙද්දී
නැගෙනා කදුලැල්
නිතබ දිගේ රූටනවා
නුරාව සිහිලැල්
කාරිය කරවන රාළල
දෑල බමන්නේ
තුන් ඈදුතු පස් ඈදුතු
පොදි මිරිකෙන්නේ
කෝණ පනින මාන බලන
මූණු සොයන්නේ
ආලකමන්දාව සොයයි
හිත් මිනිසුන්නේ
*****************
අක්ක නගෝ ළිද ළගට ඇවිත්
කුබුක් හෙවනෙ ලොකු කතා බහක්
දිය රෙද්ද අදිනවා
යලි ලෙහෙල අදිනවා
හිත් ඇතුලේ මහ 
කලබලයක්

වට පිට බල බල
රහස් කියනවා
රවුමක් කැරකී
කොක්හඩළනවා
ආයෙත් හෙමිහිට
මොනවද කිය කිය
තුන්සිය ගාණට
නියපොතු කනවා
කොංඩෙ ලෙහෙනවා
ආයෙ බදිනවා
බැද බැද ලෙහ ලෙහ
එහෙ මෙහෙ යනවා
හිටගෙන ඉදගෙන
ඔමරි කරනවා
නංගිගෙ සායේ
ගැටේ ලෙහෙනවා
*****************
හිතෙන් හිත හොරාගෙන
නෙතින් නෙත ගලායන
සුවද දෝ දැනෙන්නේ
අනන්තයෙ හමා යන
පිච්ච මලේ සුවදෙ රැදී
තරු පොකුරේ සිතිජ ඉමේ
හිනැහෙන්නේ බමර කැලයි
සුසුම දිගේ හෙමින් ඇදී
*****************
බර අවි තහනම්
හිතැ'තුල යුද්දෙට
සුළු අවි පමණෙකි
අරගෙන යන්නැ'කි
පැන්සල් පින්සල්
කරදහි සායම්
අමුරෙදි කැන්වස්
දිගටම යොදතැ'කි
අත්කම් ගෙත්තම්
සිත්තම් කැටයම්
ලියකම් මල්කම්
ඔක්කොම කෙරුවැ'කි
කැපුවැ'කි කෙටුවැ'කි
ගැහුවැ'කි ඇන්නැ'කි
එබුවැ'කි ගත්තැ'කි
රිදුනම දිව්වැ'කි
*****************
හාදුගන්න ළගට එන්න
මෙන්න ගෙනාවා
ඒරොප්පෙන් ජපන් රටෙන්
කොරියාවෙන් බිංතැන්නෙන්
ඕං ගෙනාවා මේං ගෙනාවා //

කාසි එපා වාසි එපා
සිල්ලර විතරයි
එක එක දෙන්නේ
පහුවට
දෙක දෙක දෙන්නේ
හොදට හිටියොතින්
තොගේම දෙන්නේ
දීලා ආපහු ගන්නේ
*****************
බිංදුවට 
බැස්සහම 
අනන්තය 
ලොකුයි වගෙ
*****************
ධන රිනට එකතුවී 
රින ධනට එකතුවී 
ඒ දෙකම එකතුවී 
දෙගුණවෙයි මාරුවෙයි
*****************
තණ කන්නෝ තන නොබුදිති 
තන කන්නෝ තණ නොබුදිති 
වැල කන්නෝ වැළ නොදනිති 
වැළ කන්නෝ වැල නොදනිති
*****************
නෙළාගන්නට බැරි මලක්දෝ
එදා පිපුනේ ඔබේ ගෙපැලේ
පළාපෙත්තෙක් වත් ගියාදෝ
පෙති හැලී ඇත තාම මිදුලේ

සාර සුන්දර රූ සොබාවට
පාර වැරදුන පහන් තරුවේ
පාර පෙන්නා දෙන්න එන්නම්
සාර සියොලග මැකුන කදුලේ
තාවතිංසය යාම තුසිතය
ඉනුත් ඔබ්බට ඈත සිතිජේ
තබා ආ ඒ සෝක සැනසුම්
හීන යායක ඔහේ පාවේ
*****************
මාත් එක්ක නිදි කිරන්න
මාත් එක්ක නිදි මරන්න
තුන් තිස් පෑ ළග හිටියානම්
ඔයත් එක්ක නිදි කිරන්න
ඔයත් එක්ක නිදි මරන්න 
තුන් ඈදුතු බබෙක් එක්ක
ළග ඉන්නව මං
එදත් එක්ක එක දවසයි
අදත් එක්ක තව දවසයි
දවසින් දවසට දවසම
මාරු උනානං
මාරු වෙච්ච එක දවසට
මාරු කරපු තව දවසට
වෙච්චි කරපු කිසිම දෙයක්
හොයන්නෑනෙ මං
*****************
මාත් එක්ක තරහ වෙලා
දූව ඇඩෙව්වා
දූත් එක්ක තරහ වෙලා
මාව ඇඩෙව්වා
දූත් අඩනවා 
මාත් අඩනවා
ඒ මදිවට මැදට ඇවිත්
ඔයත් අඩනවා

මාත් එක්ක යාළු වෙලා
දූව ඇඩෙව්වා
දූත් එක්ක යාළු වෙලා
මාව ඇඩෙව්වා
දූත් අඩනවා
මාත් අඩනවා
ඒ මදිවට ඈත ඉදන්
ඔයත් අඩනවා
*****************
හැඩ කොට මහලා
ඉබ්බො ජෝඩුවක්
ඇයි මට එව්වේ
කොට්ටෙට ගවුමක්
ජංගිත් එවපන්
අරකත් මහලා
මාත් නිදන්නම්
ලකේට තියලා
අරක කියන්නේ
මොකටෙයි
ඕං අහනවා
*****************
හරබ කරන කොට 
පන්නරෙ එනවා 
පන්නරෙ එන කොට 
හරබ කෙරෙනවා
*****************
කරබ කැලේ සද හැංගී පානත් නිව්වා
පරවි කුලේ කිරිල්ලියක් හිතේ වැහැව්වා
කුරවි රැළේ අනිත් එවුන් කොහෙද ඇහැව්වා
මාත් ඔහේ පාත් වෙච්ච කළේ පිරෙව්වා
උඩ ඉන්නැති බිම ඉන්නැති තටුත් හැලෙන්නැති
අඩ අදුරේ බොද මීදුම් සුළං වැදෙන්නැති
හැඩ වෙන්නට ලාටු උලා මායම් වෙන්නැති
ඒත් ඔහේ පාත් වෙච්ච කළේ පිරෙව්වා
පිරුන කළේ දිය නොසැලේ කියලත් කිව්වා
පිරුන කලේ පිරුන කළේ හැඩද ඇහැව්වා
හැඩ බලලා කියන්නම්කො ආයෙ පිරෙව්වා
කට වටෙන්ම උතුරන කොට කළේ හෙලෙව්වා
*****************
උමතු වී 
වරුසාව 
ගස් ගල් 
දෙබෑවෙන්නම 
වැස්ස
*****************
වස්කෝ ද ගාමා 
නාවානං එදා 
. . . . .?
*****************
කොක්ක 
මිස 
කෙක්ක 
නෑ
*****************
පානේ තෙල් 
තෙල් නැති 
පානට
*****************
කරවල කන්නට 
බත් 
විතරක් මදි
*****************
නිදිවැද්දා 
ඇහැරෙන්නට 
ඇහැරෙව්වා 
නිදිවදින්ට
*****************
ගාලු පාරෙ
යාල ගිහින්
මාලු කෑව
බීල වතුර

පාලු පාරෙ
ගාලු එද්දි
ඕලු නෑනෙ
හාල ගන්ඩ
*****************
කෝන් ඇටේ
තාම කටේ
*****************
කුංඩ සමන් මල් 
ඔමරි කරන කොට 
හිතේ පිපෙන මල් 
වතේ දිලෙන කොට 
නෙත හීලෑ කොට 
හොරෙන් බලන කොට
පිං වපරෙත් මට
සිහිවෙයි හනිකට
*****************
පුලිනතලා මැද හිදිනා 
රන් සමනලුනේ
මල් කෙමියක රස උරනා 
දවසක් නෑනේ
දුහුල්වලා සේ ඇදෙනා 
ගිනියම් සුළගේ
දැවෙනු විනා වෙන සුවයක
ලකුණක් නෑනේ
*****************
හිරු සදු නිදනා උයන්තෙරේ
සප්තස්වර ඇහුනා
රාග තාල වැයුනා
පා ගිගිරි සරින් ඇසිදිසි මිහිරෙන්
හැංගෙන්න එපා ස්වර්ණා
කනක ලතා නුබ වට එතෙනා
රස මියුරු කතා සවනත රැදෙනා
දුර ඈත ඉමේ හංගන්න හිතයි
හිරු සදු නිදනා උයන්තෙරේ
හැංගෙන්න එපා ස්වර්ණා
හිරු සදු නිදනා උයන්තෙරේ
සප්තස්වර ඇහුනා
රාග තාල වැයුනා
පා ගිගිරි සරින් ඇසිදිසි මිහිරෙන්
හැංගෙන්න එපා ස්වර්ණා
කිරි පබලු සිනා සමුදුරෙන් ගෙනා
සදු සිසිලෙ හොවා හිරු දාහෙ නිවා
සිප ගන්න හිතයි ගනදුරට හොරා
හිරු සදු නිදනා උයන්තෙරේ
හැංගෙන්න එපා ස්වර්ණා
හිරු සදු නිදනා උයන්තෙරේ
සප්තස්වර අතරේ
රාග තාල අතරේ
හැංගෙන්න එපා ස්වර්ණා
*****************
ඔබ ඔබෙන් අසා මම මගෙන් අසා 
අප අපෙන් අසා ගත්තාද නොවේ 
ඔබ මගෙන් අසා මම ඔබෙන් අසා 
අප අපට කියා ගත්තාද නොවේ
අප ළගම හිදී අප අපම වෙවී 
අප අපම නොවී අප ළග නොහිදී 
අපට අපද නැත 
මටද මමම නැත 
ඔබ පමණක් ඇත ඈත රැදී
*****************
පෝයට 
පෝයක් නෑ 
සෝබන විතරයි
*****************
රගනවා මැරෙනවා 
ආයෙත් ඉපදී 
ලොකුවට රගන්න 
වැඩියෙන් රගනවා 
නිකනුත් එහෙමයි 
පෝයෙත් එහෙමයි
*****************
පෝය අරිමු 
ආයෙත් එයි 
විසි අටකින් 
විසි හතරේ 
හැටේ හැටේ
*****************
කවි අගයන්නෝ 
කවි රස දන්නෝ 
කවිය නොදන්නෝ 
කවිය විකන්නෝ
*****************
-නිදිත් මරල 
බඩක් හදල 
ළමයි වදල 
නිකන් ඉදල, 
ඔහේ හැදිල 
"වසුරු විලක්"
*****************
රැදී දිගු කාලයක්
මගේ මතකය පුරා
හිදී නොඉදින අයුරු
ආදරේ නාමයෙන්
අතින් අත ගෙන යද්දි
ප්‍රිය තෙපුල් වැස්ස යට
නෙතින් නෙත කී කතා
පා කළෙමු වාතලේ
සපථ කොට වෙන් උනෙමු
හිදී නොඉදින අයුරු
ආදරේ නාමයෙන්
*****************
චිකන් කරිය 
උබට හරිය 
මට නොහරිය
*****************
සත් වග සිත් නිවී යාවි
බුදු බණ පදයෙන්
සත් වග සිත් සෝ ලතැවුල්
නිවී යාවි බුදු බණ පදයෙන්
ඇසූ දෙසූ බුදු බණ පදයෙන් 
සනරාමර බුදු බණ පදයෙන්
ලෝක තිවංකර තිලොවග මාහිමි
වැඩ හිදි රුක මුල මෙත් වඩනා කල
තුන් සිත පැහැදේවා
මෙත් මල් පිබිදේවා
නිවී යාවි බුදු බණ පදයෙන්
සනරාමර බුදු බණ පදයෙන්
සත් වග සිත් නිවී යාවි
බුදු බණ පදයෙන්
සත් වග සිත් සෝ ලතැවුල්
නිවී යාවි බුදු බණ පදයෙන්
ඇසූ දෙසූ බුදු බණ පදයෙන්
සනරාමර බුදු බණ පදයෙන්
*****************
වෙන්වෙන්න සිතා ලංවෙන්න එපා
ලංවෙන්න සිතා වෙන්වෙන්න එපා
හිත බොළද වැඩියි හදවතට වඩා
ඉ රණමට ලැදියි සරදමට වඩා
දුක්වෙන්න සිතා හිනැහෙන්න එපා 
හිනැහෙන්න සිතා දුක්වෙන්න එපා //
පිණි දියර වගේ නෙත කදුලු දරා
මිණි මෙවුල හැලේ දෙවටොරට හොරා 
මල්සර සැතපේ ගනදුරට වැදී
ඔබ නොවෙද තනී ඈ නොවෙද තනී
දුක්වෙන්න සිතා හිනැහෙන්න එපා
හිනැහෙන්න සිතා දුක්වෙන්න එපා //
මඩ පුරුනු දියේ සුදු නෙළුම් පිපේ
සුදු නෙළුම් පිපී මඩ දියම වැහේ
අරුණෝදෙ පෙනෙයි රෑ අදුර මැදින්
ඔබ නොවෙයි තනී ඈ නොවෙයි තනී
දුක්වෙන්න සිතා හිනැහෙන්න එපා
හිනැහෙන්න සිතා දුක්වෙන්න එපා //
*****************
යහන මත මල් අතුරලා
ඇයි හිනාවෙන්නේ
බුදු පාන නෑ තාම නිමුනේ
එතෙක් ඉවසාපන් සාවියේ
එතෙක් ඉවසාපන්
කෝල හිත යට ආලෙ ගැලුවට
පෝය හදපානේ
බතේ රස්නෙට හිතත් රස්නෙයි
නෑකමක් වාගේ
ඉ රිසියාවක් දැනෙනවා මට එය උබට නෑනේ
ඉවසපන් සාවියේ ඩිංගක් තෙල් හිදෙයි පානේ
මල් තරහ නෑනේ
*****************
බහු මාද්‍ය යට්ටංච 
ඒක මාද්‍ය උඩිං හිටිං 
( Always Radio is powercul than TV)
*****************
සිනිදු ඉගට සේල පලන්දා
හැඩ කෙරුවා මං හැඩ වැඩ දාලා
ඔප කෙරුවා මං වත්සුනු ගාලා
නටපං නෑනෝ
නටපන් තාලෙට 
හැඩ වැඩ දාලා
රාග නුරාවට
ගස්සන තාලෙට පස්ස නැළවියන්
පද්දන තාලෙට උකුළ නැළවියන්
ලිස්සන ගානට සලුව උනාගෙන
නටපං නෑනෝ
නටපන් තාලෙට
හැඩ වැඩ දාලා
රාග නුරාවට
*****************
මගේ හිත ලෙංගතුයි කුලුපගයි මනාපයි
කෙල්ලෙ උබෙ විලිරුදා දුකක් නොව පිංකමක්
*****************
2004 වසරේදී අපෙන් වියෝවූ ප්‍රවීන නළු සේනක පෙරේරා සමග 1976 වසරේහී කොළබ බෞද්ධාලෝක මාවතේ සුදර්ශිය ඉදිරි පස පාරේ යකඩ බම්බු වැට උඩට වී බුලත් විට සපමින් පිළිසදරේ යෙදී සිටියදී එතැන පසුකර ගිය පෙම්වතුන් යුවලක් නිමිත්ත වී දෙදෙනා විසින් මාරුවෙන් මාරුවට ලියැවුනකි මේ!
ලබැදි සේනක,
මෙය ඔබට උපහාරයක් වේවා!
සැදෑ සවාරියේ 
ඔබ ඔහු අත ගෙන යන මාවතේ
මෙහා කොණට වී
මම බලා හිදින්නම්
සිතුවම් පට මියගිය අතීතයේ
තෙපලූ වදන් සනහා සවන්
නිවමින් හදේ දුක් වේදනා
නොලියූ ගයක් විලසින් රැදී
පාරයි හදේ සංවේදනා//
සැදෑ සවාරියේ
ඔබ ඔහු අත ගෙන යන මාවතේ
මෙහා කොණට වී
මම බලා හිදින්නම්
සිතුවම් පට මියගිය අතීතයේ
ඉගි පෑ නුවන් කදුලින් පිරී
බොදවී හඩයි පෙම් ප්‍රාර්ථනා
වියැකී ගියත් මහදේ හැගුම්
පතමී ඔබට සුභ ප්‍රාර්ථනා//
සැදෑ සවාරියේ
ඔබ ඔහු අත ගෙන යන මාවතේ
මෙහා කොණට වී
මම බලා හිදින්නම්
සිතුවම් පට මියගිය අතීතයේ
*****************
දෙමංසලේ තරු ඇහිදිමු
දෙමංසලේ හීන දකිමු
කවුරුවත්ම නොඑන තැනක
තනිමංසල සිනහ නගමු
ඉහට උඩින් ඉ ර පායා
ඉහට උඩින් සද පායා
ඉ රත් සදත් නැති අතරේ
හැංගි හොරා සිනහ නගමු
සාර සියක් මල් පිපෙනා
සාර සියක් බිගු වඩිනා
සාර සදිසි පෙම් උයනේ
හැංගි හොරා සිනහ නගමු
*****************
බිසවක නූනත් පෙර රජ මැදුරක
සූසැට බරණින් සැරසීලා
මටත් රජෙක් හිටියා ඒ කාලේ
කලා වැවේ දිය මත ඇදිලා
දෑතේ කරගැට නළලේ ඩා බිදු 
පෙන්වා හිනැහෙයි ඉගි මරලා 
. . . . . . . . . . . . .
. . . . . . .
*** මම්ම තැම්බෙන්නෙ මොකටෙයි,
ඉතිරි පද උබලම තම්බගෙන කාපල්ලා!
*****************
හිටවපු ගස්වල මල් පූදිනවා
දැනුනම හිත තුල සතුට බොහොයි
තව මල් පිපියන් සුවද හමන්නට
ලෝකය තව තව සුන්දර වෙයි
හිතවත් එමෙන්ම දයාබර
. . . ඩිලිනි සමන්ති වෙනුවෙන් හදපිරි සතුටින් ලියැවුනකි!
*****************



.



No comments:

Post a Comment