මූණු පොතෙන් fb Poems 1

*   *   *   *   *   *   *   *   *
මල්කෑර කෝටුවෙන් 
පිට මැද්දෙ ඇදුනු ඉ රි 
හැංදෑවෙ අම්මගේ 
අත් ගුණෙන් දිය උනා
******************
ඇත් දළේ 
පාට ගෑ 
සිත්තරා 
නොවෙද නුබ 
*****************
අම්බරුවෝ 
සැතපෙන්නාහ, 
වල්වැදුනු 
කමත්වල 
*****************
හුයේ බැදුනු 
මහිෂ රෑණ 
දැක්කෙන්නේ 
අනුන් කෙවිට 
*****************
හොරු, 
අරන් ගියත් නුබ 
මග, 
දමා ගිහින් හිත 
*****************
පාරන්නේ 
කෝම නුබේ 
ලාමක ටිං ටිං
හීන හතේ 
මාල බැදන් 
අපි යමු පංසල් 

*****************
මල්වර වී
නාපු ගමන්
ඔල්වරසන්
මධුපානේ
කොලිෆයිඩ් උනා කියල
මහ එවුන් ඔච්චරටම
තප්පුලන එක හරිද,
එහෙම දගලන්න ඕනෙ
ඒකෙං ප්‍රතිලාභ තියෙන එවුං !!! 
*****************
ගෑස් කඩේ 
වහල ගිහින් 
මුලු යායම 
බඩගින්නේ 
*****************
බෙරිවෙච්ච 
බත අඩියෙ 
රොස්වෙච්ච 
දංකුඩේ 
*****************
හොදම චීස්
පුස් බැදිලා
මිදුනු කිරිත්
එහෙම තමා
P H I කන්න බයලු
ඒ උනාට අපි කනවා . . .
. . හෙලේ නගිං ඩෝං පුතා
. . තලු මර මර කමුකො පුතා 
*****************
දුම්බරත් ගිනියම් ය 
හිස් කබල දැවුනු කල 
*****************
පිංතාලියෙ තිබුනු ජලේ 
කරාමයෙන් බිමට හැලේ 
*****************
ඔළිද කැලේ 
කූරො පිරිල 
ගෙවල් වටේ 
යක්කු පිරිල 
*****************
ළග අඩිය දුර තියන් ගෙට වරෙන් පැංචියේ 
වැහි අදුර නුබ තලයි හිත බිදෙන සංදියේ
වැහි ළිහිණි සැරි සරයි නොදුරු කඩමංඩියේ 
තටු වැදී ඇස් වැහෙයි මගෙ පුංචි සාවියේ 
*****************
බුරුත ගහ මුල බෙනේ 
ළගදිමයි රෑ උනේ 
පහන්වන විට එදා 
මධුසමය එළබුනේ 
*****************
නොයිදුල් පෙමට නෑබුල් ගත පිදුව දින 
ඇය හිනැහුනා වැලපීමත් අතර හිද 
*****************
දෙළුම් පොහොට්ටුව
වගේ හිටිය නුබ
නෙළුම් කොලේ හැඩ
ගත්තෙ මොකෝ
බැලුම් ගලක් උඩ 
මුර කෙරුවත් මම
ඇලුම් කරපු හිත
තාම හිතේ
කෝංපිට්ටු බත්
උයපු දවස්වල
ආං බලන් හද
කියපු හැටී
පාංදරට ඇහැ
පියෙන වෙලාවට
හීං හිනා හඩ
ලොවක් වටී
රූංපෙත්ත වගෙ
නටයි මගේ හිත
කාංසියක් නැති
නුබේ ලොවේ
දෝංකාර දෙන
වෙඩි හඩ ඇහුනත්
යාංතමින් වත්
බියක් නොවේ 
*****************
පැණය 
පැණයක් නොවේ 
පැණයෙන්ම 
ඇසූ කල 
*****************
උදුරාගත් සැනින්ම 
ආපසු ගත හැක්කේ 
කම්මැලිකම පමණි! 
*****************
සුසානය 
ෂුවර් වුව 
තිබිරි ගෙය 
අන්ෂුවර් 
*****************
බීපු ළිදට හෙන ගැස්සුවෙ, 
පාර දිගේ ආපු වතුර 
*****************
ඇනතියංඩ කොහු හොය හොය 
කොහුතියංඩ ඇණ හොය හොය 
කොහු මෝලේ සෝමක්කා 
කෙදි පීරනවා 
හැංදෑවට කාසිපනම් 
ඔලුව වනනවා
දොලොස් මහේ පානේ තෙල්
නිකන් හිදෙනවා
හීංසැරේ සෝමක්කා
පැදුර එළනවා 

*****************
ගිනියම් වූ 
රාත්‍රිය 
පට්ට හීතලයි 
දවාලට 
*****************
බෑ තවත් දුර ඈත යන්නට
ඈ නුවන් සොයලා
පෑ සෙනේ අද කෝ කොහේවෙද
නෑ පෙනෙන දුරිනා
රෑ සදේ පිපි මානෙලක් බදු
නෑ කමක පටලා
සෑ රදුන් පෙති පිළිම වැන්දා
ඈ මටත් හොරෙනා
පෑ තැටිය කාලය හොරාගෙන
දෑ සමන් පිපිලා
මෑ මලේ පඩු පාට සිවුරෙන්
ඈ දෙවුර වැසුනා 
*****************
ට්‍රැක් එක 
නොක් වෙල 
ඕෆ් රෝඩ් ගියෙ 
සුසන්තිකා 
බස් එක 
මිස් වෙල
මං එක්කල ගියෙ
වෙරෝනිකා 

*****************
හද සිදුරු කල
ඒ රුදුරු හිත
මගෙ නොවේමුත්,
එය මගේමය
හද සොදුරු කල
ඔය නැබුරු හිත
ඔබෙ නොවේමුත්
එය ඔබේමය 
*****************
චන්ද්‍රභානු කුමාරයගෙ 
කටේ පිට්ටු 
සැඩොලි ළගදි 
*****************
බාස්මතී 
කාපු කටින් 
රෝස් පාන් 
කන්න බෑලු 
*****************
හිරු දෙයියෝ 
වඩින්නෙපා 
සද දෙව්දුව 
නිදියනකන් 
*****************
බුදිය ගත්ත 
පිලේ පැදුර 
ඊට කලින් 
හොරු අරගෙන 
*****************
රෑට බතට 
උබත් වරෙන් 
බකමූනෝ 
හුම් අරගෙන 
*****************
සිංහාසන 
හොයන්නෙපා 
අගබිසවක් 
නැති කාලෙක 
*****************
වංගෙඩියෙත් 
හිල් හැදෙනව 
තෝර මාළු 
උඩ පැන්නම 
*****************
කන්ද උඩින් 
පායපු හද 
ලන්ද මැදදි 
කඩා වැටිල 

*****************
විසල් මැදුරු තුල 
කුසල් පිරෙනවද 
අගිල් කපුරු නෙක 
පලොල් පිරෙව්වත් 
ඉදුල් පිරුන හිස් 
කබල් තියෙන තෙක් 

******************
පොත් රාක්කෙ අරං තිබ්බ 
කොම්පියුටර් මේසෙ තියල 

******************
සුන්දර දේ 
ඇයි මෙතරම්ම 
රළු 

******************
පාං ලෙල්ල
රිංගපු කට 
බීඩි සුරුට්ටුත් 
ගිලිනව 

****************** 
මාරයයි 
කුමාරයයි 
අතර වෙනස 
'කු' යන්න 
විතරමද? 

******************
පල්ලෙහාට 
උඩක් නෑ 
උඩහට 
පල්ලෙහක් නෑ 
එතකොට මැද, 
ම් . .ම් . .ම් . .
මැදටත් ඇති
දෙයක් නෑ 


****************** 
විපාකයට 
විපාකයක් නැත, 
ඇත්තේ 
ආරෝපණයක් පමනි 

******************
නිල් අහස 
යට සයුර 
නිල් සයුර 
උඩ අහස 

****************** 
පොරෝනය 
ඇද පල්ලෙ 
පාන්දර 
බලන කොට 

****************** 
රාත්‍රිය 
දිගු නොවේ 
දවාලත් 
රාත්‍රියම නම්****************** 
"කච්චිය පිච්චියට ගියත් 
බල්ල හෙළුවෙන්" 
කියල කිව්වෙ ඉස්සර 
ඒකට දැන්, 
පිච්චියම නිකන් දුන්නත් 
අපි ඔක්කොම අමු හෙළුවෙන්
****************** 
ආං බලන්
සාගරිකෝ 
පාර පුරා 
පේර පදුර 

******************
හිමි අහිමි 
අහිමි හිමි 

******************
නෑනො නෑනො
නෑන නෑනෙ,
නෝන නූන
නෑන නෑනෙ
නෑනෙ නෑනෙ
නෝන නෑනෙ
නානු නාන
නෝන නෑනෙ
නීන නෝන
නාන නානු
නාන නෑන
නෑනෙ නෝනෙ 
****************** 
ලේංසු කකුල
නිකං කකුල 
බැදපු කඩල 
නිකං කඩල 

****************** 
නෙතු ඉගි නොමරා 
ලය සුසුම් නොදී 
සිත දැහැන් ගත උනා 
ඔබ අසල රැදී , 
නුබ සසල නොවෙන් 
මා නිරුත්තරයි 

****************** 
පාට අළු තවරලා 
කෝළිකුට්ටුවක් මත 
ජංගිවත් අදින්නැති 
පැංචියෙක් වගෙ වෙලා 
වාහනෙන් බහින සද 
උජාරුව හිතට ගෙන
ආසියත් බූරුවත්
එක කොලේ හැංගිලා 

****************** 
හයිබ්‍රිඩය කණ්නාඩි 
ත්‍රී ක්වාටර් කොටේ 
අනිව ඔප්ෂන් දරා 
ඔහෙ ඇදෙයි නිරතුරේ 
කේෆ්සිය පාමසිය 
ගාවමයි ජීවිතේ
මැරීගිය ප්‍රාණියෙකු
නොවෙද උබ මාවතේ

****************** 
වදන් නැති 
වාක්‍යයාක 
හෙවනැල්ලද 
වාක්‍යයකි 
නෙතට හොරෙන් 

******************
හිතට දැනෙන

මීයා,
මීයා නොකයි
අපිව ම කයි

* "ම" යන්න ඕන පැත්තකට දාගන්ඩෝ! * 
******************
බෙල්ට් එකේ ගාංචුව 
වගේ උබ හිරකලා 
මගේ හිත ටක්කෙටම 

******************
අරුණැල්ලට 
යටින් පේන 
හසරැල්ලේ 
කොතැනද ඔබ 

******************
මීයගෙ හාමිනේ
මීච්චි නං
වේයගෙ හාමිනේ
වේච්චි ද?

* ඕං ටූටි බබාලගෙ ප්‍රශ්නයක්! * 
******************
ගහපං ඩෝලේ 
මේ හොද කාලේ 
රිදම් එකට 
තාලෙ අල්ලලා 
වැරදුන තාලේ 
හරියයි රාළේ
සුරේට පදේ ගැලපිලා 

******************
ඊෆල් අටල්ලේ 
උඩට නැගි වේලේ 
සිහිඋනා බාලේ 
කරපු ගොංකං 
ගෙයි පරාලේ
******************
කැමැත්තෙනි 
රාත්‍රිය 
සුවද වී 
මියයන්නෙ
******************
ගෝත්‍රික 
පිළිමලුන් 
හට කරමු 
මයිත්‍රිය 
******************
නිවන්දම ජාඇලදි 
දක්ක අඩසද ඔබද 
දෙනෝදහක් මැද්දෙ 
මිරිකිලා තෙරපිලා 
මමද ඉ රබටු තරුව 
අතේ දුර ගුලිවෙලා
******************
නරියා ඇවිදින් 
කුකුළා අල්ලයි 
කුකුළා ඇවිදින් 
රියල් බයිට් එක
******************
හෝතබුවොත් 
කාපු රටේ 
හූනු බිජ්ජ 
ඉතුරු වෙයිද
******************
හීනමානෙ අධිමානේ 
කතන්දරේ
සිග්මන් ප්‍රොයිඩ්
කීවා නොවැ
හෙමින්සැරේ
***එකම තැනක
පොඩි වෙනසක්
පොඩි වෙනසක
ලොකු ගැබුරක් ***
******************
කොත් කැරැල්ල 
සෑ මළුවට 
හුගක් උසයි 
කොත් කැරැල්ල 
ළගට ගියොත් 
අපිත් උසයි
******************
හිමාලේ 
මුදුනෙදිත් 
අපේ උන් 
රණ්ඩු වෙයි
******************
ඉ කිය හක්කට
අරන් 
හතිය බොක්කට 
අරන්
******************
මරියානා අගාධයේ 
බැතිස්කැපිය වෙන්න එපා 
එච්චර දුර යන්නට බැහැ 
ඔබෙ සියුමැලි හිත් පොජ්ජට
******************
තෑගි ඔප්පුව 
එක්ක 
මල්වඩම 
කොට්ටෙ යට
******************
තරුවක්ව පායන්න 
මධුසදට කිට්ටුවම, 
කිට්ටුවම කිව්වාට 
අතේදුරවත් ඉන්න
******************
මධුමලත් 
හිනැහේවි 
රුදු බමර 
තුඩු වැදී 
නිශාචර 
කලුවරින්
මිදී ආ 
අරුණැල්ලෙ
******************
දිරුවානම් 
දිරුවාමය රූපේ 
ඇයි සැගවෙන්නේ 
වැනසෙන පාපේ
ඉහ මත අරගෙන 
නිම් නැති කෝපේ
ඇයි වැනසෙන්නේ
ගිනිගෙන තාපේ
******************
මුනු මුනු 
ගාන 
රෑන, මූණු
******************
ඉස්කොලෙ 
ලග හිටපු 
කිරි අම්ම 
දැන් කොහෙද
******************
සුරලොවින් 
මෙහා 
එලොවින් 
එහා
******************
කෝණ මානෙ 
ඇතුලෙත් මුළු 
පිටතත් මුළු
******************
තාල්පාට්ටුව මැද්දෙ 
හුදීජන මරයුද්දෙ
******************
උඩ යනවා
සරුංගලේ
හදපු අපිව
බිම දාලා
***Nirmala Hettiarachchi සරුංගලේ උඩ යන්නේ 
අපි නූලෙන් 
බුරුල දෙද්දි

Reply
1
July 6 at 12:34pm
*** උඩ යනවා සරුංගලේ 
හදපු අපිව 
බිම දාලා 

සරුංගලේ උඩ යන්නේ 
අපි නූලෙන් 
බුරුල දෙද්දි
***Dilki Subasinghe සරුංගලේ අත ඇරියම
අපිව දාලා උඩ ගියාට
බිමටට එනවා 

කොතන්දි හරි


******************
ගොං කවඩි 
පළදීද 
රං රිදී 
එල්ලුවට

******************
උසි කපුටො උසි කියමු
පාං රොඩ්ඩක් දිදී
******************
පොරොන්දම
ගැලපුනත්
ඇද දීගෙ
අත් ඇරේ
******************
තිබිරිගෙය
කොටහළුව
මධුසමය
ඉළව්ගෙය

*හතරවරම් තිරික්කලේ *
******************
වලවේ ගග උතුරන්නෙත් 
ගං මෝයට වහින කාලෙ
******************
ඇන්කරේ ගැලවිලා 
පැද්දුනා ගැස්සුනා 
ගැස්සුනේ නැව නොවෙයි 
කැප්ටන්ගෙ නිසල සිත
******************
හිත මත පැහැරූ 
දයා වදන් පෙළ 
දෝරෙ ගලායයි 
නිරතුරු සරලව
******************
යට සාය 
අතට අරන් 
උඩ සායට 
බනින්නෙපා
******************
දම්මිස්සර කියල 
රජ උනාම 
යුද්ධ 
නොකර ඉන්ඩයැ
******************
ගංඩත් බැරි 
දෙන්නෙත් නැති 
පිං මොකටද පුත 
අනුමෝදන් නැති
******************
හීරළුවෝ 
වතුර බෙදති 
දියාළුවෝ 
ඔලුව වනති
******************
ජල් බරි 
ජිල් ෆිට් 
දස අතේ 
උමතුවෙන්
******************
සිසිවන උවනා නෙතු යුග මානන
ඉගසුග සැලෙනා දග යුග දිස්වෙන
තී මට මනරම්
ම් . . . ම් . . .
තී මට මනරම් 
පබා කුමාරියෙ
පොබයන නයනා දෑල සුරංජිත
හසරැළි නැගෙනා රාග සුසංවිත
දේහ විලාසිනි කාම සුපුෂ්පිත
තී මට මනරම්
ම් . . . ම් . . .
තී මට මනරම්
පබා කුමාරියෙ
රතැගිලි පානා කෝමල රේඛා
පාද ගිගිරි සර නූපුර ලීලා
පීන පයෝධර උත්තුග ශෝභා
තී මට මනරම්
ම් . . . ම් . . .
තී මට මනරම්
පබා කුමාරියෙ
ග්‍රීව පළංදිත කාංචන මාලා
දෑල විදාහළ උරතල රූපා
වාම වක්‍ර සැදි නාභි සරෝජා
තී මට මනරම්
ම් . . . ම් . . .
තී මට මනරම්
පබා කුමාරියෙ
******************
හද සිදුරු කල
ඒ රුදුරු හිත
මගෙ නොවේමුත්,
එය මගේමය
හද සොදුරු කල
ඔය නැබුරු හිත
ඔබෙ නොවේමුත්
එය ඔබේමය
******************
බෑ තවත් දුර ඈත යන්නට
ඈ නුවන් සොයලා
පෑ සෙනේ අද කෝ කොහේවෙද
නෑ පෙනෙන දුරිනා

රෑ සදේ පිපි මානෙලක් බදු
නෑ කමක පටලා
සෑ රදුන් පෙති පිළිම වැන්දා
ඈ මටත් හොරෙනා
පෑ තැටිය කාලය හොරාගෙන
දෑ සමන් පිපිලා
මෑ මලේ පඩු පාට සිවුරෙන්
ඈ දෙවුර වැසුනා
******************
පස්ගෝරස කුමාරිකාවෝ
නදුන් වනෙන් සුවද ගෙනාවෝ
පද්දි පද්දි ඒ තාලෙට
ගැස්සි ගැස්සි මේ තාලෙට
සප්ත්ස්වර පෙළහර පෑවෝ 
පස්ගෝරස කුමාරිකාවෝ

ආලකමංදාව උනාදෙන්
කෝකිල සැන්දෑව උනාදෙන්
විජ්ජුලත මල් පිපෙනා
තුහින රෑන් හිමයායේ
සප්තස්වර පෙළහර පෑවෝ
පස්ගෝරස කුමාරිකාවෝ
පාවි පාවි සිහින වලාවේ
ගෑවි ගෑවි මලවි දුමාරේ
උරමඩලේ හිස රදවා
කොපුල්තලේ තොල සගවා
සප්තස්වර පෙළහර පෑවෝ
පස්ගෝරස කුමාරිකාවෝ
මංදෝදර නාරිලතාවයි
දෙසවන සරි කියබුලතාවයි
ආලනුරාවෙන් පැද්දෙන
රාගනුරාවෙන් ගැස්සෙන
පස්ගෝරස කුමාරිකාවෝ
සප්තස්වර පෙළහර පෑවෝ
******************
ඇනතියංඩ කොහු හොය හොය 
කොහුතියංඩ ඇණ හොය හොය 
කොහු මෝලේ සෝමක්කා 
කෙදි පීරනවා 
හැංදෑවට කාසිපනම් 
ඔලුව වනනවා
දොලොස් මහේ පානේ තෙල්
නිකන් හිදෙනවා
හීංසැරේ සෝමක්කා
පැදුර එළනවා
******************
දෙළුම් පොහොට්ටුව
වගේ හිටිය නුබ
නෙළුම් කොලේ හැඩ
ගත්තෙ මොකෝ
බැලුම් ගලක් උඩ 
මුර කෙරුවත් මම
ඇලුම් කරපු හිත
තාම හිතේ
කෝංපිට්ටු බත්
උයපු දවස්වල
ආං බලන් හද
කියපු හැටී
පාංදරට ඇහැ
පියෙන වෙලාවට
හීං හිනා හඩ
ලොවක් වටී
රූංපෙත්ත වගෙ
නටයි මගේ හිත
කාංසියක් නැති
නුබේ ලොවේ
දෝංකාර දෙන
වෙඩි හඩ ඇහුනත්
යාංතමින් වත්
බියක් නොවේ
******************
ළග අඩිය දුර තියන් ගෙට වරෙන් පැංචියේ 
වැහි අදුර නුබ තලයි හිත බිදෙන සංදියේ
වැහි ළිහිණි සැරි සරයි නොදුරු කඩමංඩියේ 
තටු වැදී ඇස් වැහෙයි මගෙ පුංචි සාවියේ
******************
පාරන්නේ 
කෝම නුබේ 
ලාමක ටිං ටිං
හීන හතේ 
මාල බැදන් 
අපි යමු පංසල්
******************
නිරායාශයෙන් මෝදුවෙන නාරිදේහයේ විකසිත වූ ශෘංගාරාත්මක "මුකුලිත සුන්දරත්වය" සදට උඩුබුරන නිශාචර වුර්කයින්ට මිස, ඔහේ කෑගසන හිවලුන්ට කැමති නොවන්නාසේම ගෝචරද නොවෙමැයි, තුටු පගටුව කියම් !
******************
මුතුමාල සිනා 
නළලත හැපෙනා 
මේ සොදුරු පැයේ 
උබ ළහට වෙලා . . . . . . 
හිත කියන කතා 
උබ දන්නවනම් . . . . .
මගෙ ළගට වරෙන්
දුර ඈත නොයා . . . . .
සිහිනයක එතී
මධු සදට හොරෙන් . . . .
******************
හිතේ පිපෙන මල් 
හිත යට හොරෙන් පිපෙන මල් 
රෑට රෑට සිරි යහනේ 
ඉබේ පිපෙන මල්
******************
හිතේ පිපෙන මල් පොහොට්ටු 
මව් කුස තුල මෝරන සද 
සාධු සිතින් සෙනේ සිතින් 
සුබ පතන්න අවසර මට!
******************
උදැහැනැක්කෙ මල් කිනිත්තෙ 
අග රැදෙනා පිණි බිංදුව 
වාගේ නුබ දිළිහෙනවා 
මගෙ හුරතල් චූටි දුවේ

***Dilki Subasinghe දැනුනා කිරි සුවද නුබේ
එරේනා විට කදුලු මගේ
සිනහ වෙයන් පුංචි දුවේ

කදුලැල් පිස දමා මගේ

Reply
1
July 7 at 4:59pm
******************
තෝංතුවාවෙන් වාගේ 
එහෙට නෙහෙට පැද්දි පැද්දි 
යශෝරාවෙ කුඩේ යටින් 
පාසැල් යයි උදුම්බරා
******************
ඉසිගෝමර ගෙලේ පිපුනු 
මා හැඩෙව්ව යශෝදරා 
එහෙම කලේ ඇයි උබ මට 
අබිනික්මන් වෙන බයටද!
******************
ඉංදීවර නීල නයන
සගවන්නේ ඇයි
හැංදෑවට පිපුනෝතින්
රහසෙම පරවෙයි
මංදාස්මිත සුවද පොට්ටු 
නළලත බොදවෙයි
නුබේ ළගින් ඉන්න බැරිව
තුන් හිත තනිවෙයි
කන්ද කපා එන සදරැස්
දෑලවරින් හිද
නින්ද නොඑන මතකය මත
රටා වියන සද
අන්ද මන්ද වූ සිතුවිලි
දෝරෙ නොයන්නට
බැන්ද සෙනේ ගෙලලන්නම්
හීන්සීරුවට
කේන්දරේ සිකුර හතේ
කියල කියනවා
වාන් ඇලේ බුබුලු දමා
පෙණ විසිරෙනවා
පාන්පැලේ එළිය වැටී
මිදුල දිලෙනවා
හීන් නගා දීගේ එන
සුවද දැනෙනවා
******************
පියාපත් සලන්නැති 
වැහි ළිහිනි ධේනුවක 
උරතලේ හැපෙන සද 
ලසෝ ලතැවුල් කොහිද
******************
සූකිරි කන්දෙදි බැදි හාද 
මිණී වලෙන් කෙලවර වේද 
. . . . . . .
නැත, . . . . . වී යාළූ 
අපි වෙමු යා . . . . ළූ . . . !
******************
මංමුලාවැල් 
පෑගුවානං 
තොවිල් නටපිය 
දෙහිත් කපපිය
ඒත් බැයිනං 
බජිරි කාපිය
කංඩ බැයිනං
දුමට දාපිය
දුමේ දාලා
හුළාං බීපිය
හුළං බීලා
ගුඩුස් ඇරපිය 
******************
බහුබූත සිනා
බුරියෙන් නගනා
මනමාල කතා
දෑසින් කියනා
මුදු පහස සොයා
අතෙ දුරට නොආ
තී නොවෙද මයේ
ඒ සුරංගනා
.
******************
නවරත්න වැල් ගෙලේ පළදා
ගිනි විජ්ජුම්බර දෑත් දරා
. . . . . .
හස්ත මුද්‍රකේ ශෝබන ලීලා
මහිෂ මණ්ඩලී ඔටුනු පලන්දා
කුක්කුට ශෙයියා විරාජමාන වූ
මොහොට්ටි රාළල
දිග හරහට එනවෝ
උඩිං යටිං එනවෝ
තුංකුදුරුස්වී වැළලී යන්නට
ගහපල්ලා ඔලුවෙන්,
අනිමිසලෝචන පිදුවා දැං ඇති
ගහපල්ලා ඔලුවෙන් !!!
******************
පැටලුන ගින්දර සුන්දර නැති සද 
කටු කොහොලින් පිරි මිනිස් ලොවේ
ඇවිලුනු ගින්දර නිවා දමනු මැන අබිනික්මන් කල දයා ගුණේ
******************
මදුරුවොත් 
දැන් විදින්නෙ 
ලේ බීගත් 
මදුරුවන්ට
******************
ගෑණු ළමයි පාරෙ යංඩත් ඕනෙ
අපි මෝටසයිකල්වල යංඩත් ඕනෙ
හෝං එක ඉබේටම වැදෙංඩත් ඕනෙ
සයිඩ් කන්නාඩියෙන් බැලෙංඩත් ඕනෙ
*ඔය සයිඩ් කන්නාඩියෙන් පස්ස බලන එක නරක පුරුද්දක් නෙමේ!*
******************
ජූලි හතයි 
මළ කෙලියයි 
තව පොඩ්ඩෙන් 
ජූලි අටයි
******************
නිදිපැදුර පාගන්න
අවසරද මට නුබේ
දුරුතු හත අටක දුර
ඈත ගිය පියබදේ
පිනාගිය සෙනෙහසින්
සිනා පෑ මුව මඩළ
තාම ඔච්චම් කරයි
රෑ දිවා මා අසල
කාන්තිය අඩු උනත්
මුතු මැණික් හිස කිරුළ
නුබ තාම මගේමැයි
මගේ හිත නෑ සසල
දොර කවුලු පියන් පත්
හැර තිබේ එදාමෙන්
නෑසියන් දැසිදසුන්
පිලිගනී සොම්නසින්
දරු සිහින හිතේ පිරි
නුබේ ලමැදේ හොවන්
උඩගු සිත ඈත්කර
ඔය පැදුරෙ ඉඩ තියන්
******************
සුවද හොයාගෙන ආවත් කුමුදු මලේ 
පත්තු කරපු මැටි පානත් තාම පිලේ
******************
අත්තුක්කංසන 
හින්දා 
පරවම්මණ 
ඉකි බින්දා
******************
වඩ්ඩෝ 
වඩති 
වැඩ්ඩෝ 
වැඩෙති
******************
පෝයට සිල් 
ගන්නෙ මොකට 
හැමදාමත් 
සිල් ඇත්නම්
******************
ලිහිස්සි තෙල් 
නැති ඇංජිම 
කොත්තු කාපු 
වදුර වගේ
******************
ගල් ළිද ගාවදි ඈ මට හමුවූ 
සුවදක් දැනුනා බමරු රැවැට්ටූ
******************
රෑ මැදියමේ උඩුබුරලන හිවලුනට 
උබෙ හිත මනාපයි වැඩියෙන් මගෙ පෙමට
******************
කුළු හරකුනේ පලයල්ලා දුරු රටට 
මගෙ හුරතලී බුදියන්නේ නෑ බයට
******************
පෝයෙන් පෝය ගෙවි ගෙවි යන වසන්තයේ
මධුමල් පිපෙනවා තාමත් දිගන්තයේ
ඇහෙනා දුරට නොපෙනෙන දුර රැදෙන්නියේ
මගෙ හිත අද්දරම උණුසුම් ඉඩක් තියේ
දුටු සීනේ වස්සානේ ඇසල සදේ
සිතුවම් මවනවා තනියට නිසල පැයේ එළියට දිළී නිවෙනා එළි උඩගු හිතේ
පැළදුවෙ ඇයිද නුබෙ සියොළග රුසිරු කතේ
පෝයදාට පුන්සද වාසනාවන්
සාර සුබා හසරැළි වාසනාවන්
කෝළ හිතට ඉගිබිගි වාසනාවන්
මගේ පැලට නුබ මට වාසනාවන්
******************
තපසට ගියත් හැම අතහැර වනන්තරේ 
හිත ඉන්නවා හිත ඇතුලෙම නිරන්තරේ
******************
කදුළක් උපයගෙන කදුළෙන් පිරි ජීවේ 
බිළිදෙක් සතපවයි අම්මෙක් 
කිරි සීනේ
******************
රනේ රුවට රන් මාලා බැන්ද ගෙල 
සිදලනු කෙලෙස හිත ගින්දර නැගුනු කල
******************
පුරපස මාරුවී අවපස ආවාට 
මල වට බමරු පැන යනවද දුරු රටට
******************
පිපුනත් ඇහැල මල් දොරකඩ පංසලක 
හිමිවෙද මල් අසුන සරසන පින දිනෙක
******************
කරදහි ඔරුව වාගෙයි සැරිසරන හිත 
වැස්සම සොයයි වැහි වතුරෙම පෙගී තෙත
******************
උමතුසං වර්ෂාව හැමතැනම වහිනවා 
තෙමෙන උං තෙමෙනවා 
අනික් උං දකිනවා
දකින උං ඉ රිසියයි 
තෙමෙන්නත් හරි බයයි 
ඉ රිසියාවෙන් බයෙන් දියවෙවී හති අරියි
******************
ගහ ගාව වතු සුද්ද 
ඉගි මරපු නෙත නැද්ද
******************
බිජ්ජ කියා 
බිජ්ජ තියා 
බිජ්ජ ගියා 
බිජ්ජ සොයා 

¡
¡
¡
¡
¡
¡
¡
¡
^
*බිත්තර කියා, බිත්තර දී,
බිත්තර විකිණීම නිසා "බිජ්ජ" යන අන්වර්ඨ නාමයෙන් හැදින්වූ පුද්ගලයා තවත් බිත්තර සෙවීම සදහා ගියේල *
******************
සතර බබ විහරණෙන් 
රැකෙයි පංසිල් පහම 
බොරු කළොත් ඇතුළු සිත 
කැඩෙයි ඒ රැකි පහම
******************
කදුල ඔබ ළග ඉන්න
මෙරු රෑණ පන්නන්න
අවසරද ඉතිං මට
ඔය නළල සිපගන්න
අමාවක තරුගොන්න
නිළබරේ සගවන්න
හඩවන්න ඉඩදුන්න
ගජබින්න දුරුවෙන්න
හිනැහෙන්න සැනසෙන්න
දේදුන්න පායන්න
ඉතිං මට අවසරද
ඔය මුහුණ සිපගන්න
දිය රළට මුවාවී
වලාවට අත වනන
සුදු කුමුදු පියුමක්ව
ලතාවට පොපියන්න
මල් තුහින බිම සිබින
හිමිදිරිය රසවන්න
ඉතිං මට අවසරද
ඔය දෙතොල් සිපගන්න
******************
බබාලගෙ අම්ම මං, 
බබාලට 
බත් උයන 
බත් කවන 
ගුටි දෙවන 
නිදි කරන
******************
සොබමන් සොබමන් පොපියන සොබමන්
මුතු මාල අරුංගල් පැලදි ගතේ
හිත ගාව ඉදන් මට කීව රහස් නුබ
ගාව කොතෙක් තව ඇද්ද ලදේ

නෙත පෑව නුරා ඉගි මරන සමච්චල්
සාංකාව දුරු කරන් හිතේ
වත ගාව රැදෙන්නට ආව නොවෙද නුබ
රනේ රුවට සිතුවමක් ඇදේ
******************
පිංතාලියේ පැන් හිදුනට ඉඩෝරෙට 
රුක්කත්තනේ කොල හැලුනට ඉඩෝරෙට 
නැට්ට පිටින් අලි මැරුනට ඉඩෝරෙට 
අපෙ අම්මයේ කිරි හිදුනේ නෑනෙ මට
******************
සරිගම පදනිස තාලෙට කිව්වා 
රුංද රුදං ගත තාලෙට නැටුවා 
ඒකෙළි මේකෙළි සීපද අටුවා 
ටීකා සන්නස් එළි පද ලිව්වා
******************
වස් දණ්ඩ තොල තියන් ලී ඉ රන පට්ටලේ
ගෙවුනු ඒ අතීතය සුන්දරයි හැම වෙලේ
දිග්විජය ගෙන හිදිමි සංගීත මංසලේ
සතර කොණ දකින තැන ඉදි කෙරුනු මගෙ පැලේ

*** ශ්‍රේෂ්ඨ සංගීත නිර්මාණකරු මා හිතවත් එච්.එම්.ජයවර්ධන ශූරීන්ට උපහාර පිණිස නිතැතින් ලියැවුන පදපෙළකි මේ! ***
******************
පතන්න ඉස්සර හිතන්න කොච්චර දේවල් ඇද්ද ලොවේ 
නිවන්න ගින්දර දවන්න මොහදුරු නිබදව ලැබෙයි සුවේ
අයන්න ලියන්න දත්මිටි කෑවේ නොදැනයි මිනිස් බවේ 
සොයන්න නොයන්න අපට අකැපදේ ඒකයි පරම සුවේ
******************
කිත්තන් නූලෙන් මාළු ඇල්ලුවා අපි දන්නැති කාලේ 
පට්ටන්දර පිරි බේගල් කීවා ඒවත් ඒ කාලේ 
ඔච්චං කර කර දතුත් නියෙව්වා එක එක නෙක තාලේ 
දැන්නං ඒවා හිරේ ලගින වැඩ මේ කලියුග කාලේ
******************
සදමල පිපී ඉ රගල ළග තුන් යමට
ඇත්දළ පාට එළියයි ලොව වට රුවට
සිත්තුල නැගෙන සැක සංකා දුරස් කොට
කුලමල බේද අතහැර ඉමු යස රගට
******************
රූසිරි විදිමි තිගෙ නන්නත්තාර ගතේ
පාපෙට ලොල්වෙනා ඉසිබුව නිමක් නැතේ

* දුටු දන මනලොල වඩවන අයුරින, හැසිරෙන පුරගන නම්ලත් යුවතිය*
******************
ඉහළට නැග්ගම
පහළ පේන්නෙත්
පහළට ගියහම
ඉහළ පේන්නෙත්
වටේට කැරකෙන 
එකම ඇස් දෙකෙන්

අරුමය එයමැයි
මසැසින් මනසට
ඉබේ මෝදුවෙන
රගදෙන නළියන
******************
අඩුව පුරවන්න 
මධුවිතේ, 
අන්තිම ඉස්සාගේ 
අඩු ටික හපා 
ඉවර වෙන්න කලින්
******************
සූප්පු කලාට 
වැඩක් නෑ 
චූ . . . . ස් ගාල 
ඉ රුවෙ නැත්තං 
ඉ ස් සා
******************
මුල මැද අග
අග මැද මුල
ආරෝහණ
අවරෝහණ
අනන්තය හා 
ශූන්‍යය අතරේ
නිබදවම
දෝලනය වන
----------------------------
ආත්මාර්ථය
පරාර්ථය
ඉන් ඔබ්බට
පරහිතකාමිත්වය

*මෙයට"ඇල්ටෘයිස්ටික්" යන ඉංග්‍රීසි වචනය යෙදේ*
******************
සව්සිරි බෝමා
නිරූප රූපා
අරූප ඡායා
වත්සුනු මායා

ඌර්ධව කායා
හංස විලාසා
ප්‍රේරිත ධාරා
රුචි දග යුග්මා
සුළලිත රිද්මා
නුවනග කැල්මා
ගෝත්‍රික නාමා
තුනුවග රුසිරා
භක්කිණි පස්චා
මාංශ ගුලීකා
ස්ත්‍රී කායා
මෝක්ෂ විනාසා
******************
කන් කෙදිරි ගගා 
හිත පෑල දොරෙන් 
තපසට වැඩියා 
ලොව හැමට හොරෙන් 
යළි තිගැස්සුනා 
සක පිබින හඩින්
ආපසු වඩිනා
ඉගි ඉදිරි දොරෙන්
******************
බොරුවට හිනැහී 
ඇත්තට රවනා 
මිනිසුන් රැළ මැද 
අං පිරිමදිනා 
පිරුවට මත හුද 
ඇට වැල ගණිනා
මං සුදනාවරු
අද හැම තැනෙනා
******************
උභයකුල පාරිශුද්ධ 
කියලයි බැන්දේ කසාදෙනන් 
මාසෙට නඩත්තු තිස් හයදාහයි 
කියලයි ලෙහුවේ උසාවියෙන්
******************
උංඩුක පුච්ඡය කපලා දැම්මට 
කන එක අඩුවෙන්නෙත් නැතුවා 
කන එක අඩුකර පිණුම් ගැහැව්වත් 
රෙන එක අඩුවෙන්නෙත් නැතුවා 
අඩුවෙන් කෙරුවත් වැඩියෙන් කෙරුවත් 
කෙරුවාවල් නිමවෙන්නෙත් නැතුවා
කරල නොකෙරුවත් නොකර කෙරෙව්වත්
නොහොද හොදක්වත් නැතුවා
******************
ළිද ගාව හිනැහීල 
හද ගාව වැලපීල 
කොදුරන්නෙ ඇයි රත්තරං 
මට පෑව පෙම දීල 
පිටුපෑව බහ ලීල 
ගැස්සෙන්නෙ ඇයි ඔය තරං
Mahinda Ekanayaka මුහුණු පොතේ පෙන්වන කවිකාරකම
බොහොමත් අගෙයි කවි පොතකට දැම්මාම
කවිසිත සගවා ගත්තාදෝ හැමදාම
...See More


Reply
1
July 17 at 9:36am
***
******************
යන්න හැදුවට
එන්න බැහැ මට
එන්න හැදුවට
යන්න බැහැ මට
නිශා සුන්දරියේ 
අනේවාසික නුබේ සුරසැප
කළුවරයි හරි කළුවරයි
නිදිබරයි හරි නිදිබරයි
සරාසද එළියේ

කිරාගන්නට තරාදිය නැති
නුබේ ආදරයේ
පුරා රැය සැරි සරා කිම පල
නොතිත් දියදායේ
අගෝචර සුව වෙයිද ගෝචර
තුහින පිනියායේ
සෙනෙහසින් දුර සැනසුමද නුබ
හිමි අහිමිපායේ
******************
සමෝච්ච රේඛා උසිගන්නාලා 
මහ වැව් බැන්දා ධාතුසේනලා 
කඩුපුල් නෙළලා දෑල පළදලා 
සිතුවම් ඇන්දා කාශ්‍යපලා 
නීල කිලම්බර දස්කම් පාලා 
ඔද තෙද සින්දා මුගලන්ලා
මේවා කිය කිය හරහට නටලා
කාලෙ මරන්නා වත්මන්ලා
******************
පුන්සද පායා මොරටුව දිලෙන කොට 
අපි හිටියේ කළු පාලමෙ කොණක් යට 
තුන් දොස් නසා වා පිත් සෙම් බුරුල් කොට 
මිනිහෙක් කලේ මිනිහා මියැසියයි තුට
******************
එදිරිල්ලේ 
රාළ ළගදි 
කොයි රාළත් 
එකයි රාළෙ
******************
ඇරියත් වකේ ඇද උනු ගිනිසපු ලීයේ 
උනහපුලුවෝ බුදියනවද යට ලීයේ
******************
වැලේ තිබ්බ අමුඩෙ ගෙනෙං 
හනිහනිකට වෙලට යන්න 
අහසෙ මාළිගා නොපතං
මේ පැල ඇති නිවන් යන්න

****Madhu Gunawardane අමුඩ මොටද දැං රාළේ වෙල පැත්තේ යන්න..
ට්‍රැක්ටරයා ගෙනත් දේවී වී ට්ක තම්බන්න.
පැලේ ඉඳං බෑ රාලේ ඔබට නිවන් යන්න.

දෙස් පාළුවො හොයා එකෙක් දෑතේ එල්ලෙන්න.
******************
අවුරුදු තුනෙන් පාසැල් ගියෙ අපි බාලේ
හෝඩියෙ පංතියයි කිව්වේ ඒ කාලේ
ඉන්පසු පළවෙනිය දෙවෙනිය තුන්වැනිය
හතරවැනිය පස්වැනියයි හයවැනිය
හත්වැනියයි අටවැනියයි නමවැනිය 
දහවැනියෙදී පතබෑවොත් කෙළවිනිය

කඩුල්ල පැන්නොතින් එස් එස්සියෙ දහයේ
ප්‍රෙප් එකෙ තමා නිතැතින් ඉන්නට වූයේ
එහනින් ඉබේටම දොළහට ගොඩවූයේ
එච් එස්සියයි ඒකට කවුරුත් කීයේ
එතනින් පැන්නොත් වාසිටි යනවා
හැලුනොත් ආපහු ගෙදෙට්ට එනවා
පාසැල් සවුදම මේලෙස වෙනවා
හැලිච්ච ලොම් ටික ආයෙත් එනවා
******************
කුමුදක් වෙලා හිනැහෙන්නට හිතන්නැතී 
ඔය හිත මොටද මගෙ හිත ගැන හිතන්නැතී 
අන්සතු කුසුම් මිස තමසතු කුසුම් නැතී 
බමරුන් කොහිද මල් මදිරා උරන්නැතී
******************
කෙන්දක් වදන්නට කන්දක් විළිලෑව 
තුන්තිස් පැයම කන්කෙදිරියෙ මොරගෑව 
පන්සිල් කියන්නට පන්සලෙ පොල්ගෑව 
එන්ගල්තිනා ළිද හෝදයි දිය නෑව
******************
කුඩමසු තනේ කිරි බිව්වයි කියන්නෙපා 
ඉ රමුසු අලේ ගුණ අගුණයි කියන්නෙපා 
සැකමුසු හිතින් ආදර බස් කියන්නෙපා 
රන්මසු හොයල රෑ ඇඩුවයි කියන්නෙපා
******************
එළිවෙනතුරුම ගම්මඩුවේ තොවිල් පොලේ 
ඇහුනා බෙර සද්දෙ හිටියත් හේනෙ පැලේ 
නැටුවා නොදැක්කත් නට නට පපුව පැලේ 
හීන් නගා විතරයි මගෙ පුංචි පැලේ
******************
ලිය තබරා මල් පිපුනම හිමාලයේ 
එය උදුරා නොගනීවිද අකාලයේ 
රස මදිරා පිරවූවත් දිදාලයේ 
වන බමරා හට පැණිමයි 
රුසිරු ලයේ
******************
ආලෙන් වෙළීගෙන ආලෙන් බැදීගෙන 
නූලෙන් රූටගෙන නූලෙන් මාරුවෙන 
හීනෙන් අවුස්සන හීනෙන් පුරුද්දන 
තාලෙන් සොදුරියෙකි රූලෙන් රෝල්වෙන
******************
පායන හදෙන් හදපානට එබෙන්නියේ
මෝරන කැකුළු හංගාගෙන සොයන්නියේ 
පීරන ඇගිලි ගෙල වට කර රදන්නියේ
යාවෙන නොවෙන තරමට ගත වෙළන්නියේ

සැදි රුවනාර මංදෝදර පුළුලුකුළු 
නැගි මදහාස මෘදු චුම්බන වලාකුළු
ලය මත හොවා හිස සගවා මුතු පබළු
ලෙංගතුකමේ ගීයයි කණ කල එකළු
*******************
පෙම්හිත පුරෝගෙන රොන්මඩ තිබුනාට 
උබ ලස්සනයි සුදුමැණිකේ තාම මට 
පැන මඩකඩිති මඩ පොඩ්ඩක් ගෑවුනට 
සුදු දේ සුදුයි එය වැහුනත් නෑකමට
*******************
හිත යට තියාගෙන හිත මගෙ හංගගෙන
නෙත කැරකුවා තුන් ලෝකෙම හතර කොන
අත ළග තියෙද්දිත් අත ගා පුරුදු පින
කතරට ඉගිලුනා අත්තටු විදාගෙන
*******************
උඩහ අත්තෙ 
උබ නටපං 
පහළ අත්තෙ 
නැටන්නෙ මං
*******************
ගොදුරට මානන 
නයි පෙන ගොබයකි, 
නළියන පොබයන 
ඔය හිත ඇතුළෙත්
*******************
"නොනිදා රැය පහන් වෙයි"
"1,2,3,4,5,6,7,8,9,0 "
මතකද මේකෙන් ගාණක් හැදුවා!
ගණන හදල අන්තිමටම ගන්න උත්තරේ මතකද?
*******************
නොරැක්කොත්
රැකෙයි ඉබේ
පතිවත

*කුමරි බබසර 
අදාළම නැත
*******************
හුස්ම කියන්නේ
හුස්මේ
සුවද නොවේ

රිද්දයිද ඉවුරට 
ගලන ගග
නිරතුරුව
*******************
ඇහැකට
කණ
කණකට
ඇහැකි
*******************
ලලිතාගේ
අසංවරය
නව පණකට
පණ දීමකි

*අසම්මත ඩිම්බ සංසේචණය*
*******************
මදකිපුනු ශුක්‍රාණුව 
හුදකලා ඩිම්බය 
නේවාසික යුක්තාණුව 
බිහිකරයි ප්‍රාණියෙකු
*******************
දාදු කැටේ පෙරලෙන්නේ 
හිත හොද මිනිහගෙ පැත්තට 
පාන වටේ කැරකෙන උන් 
දවී වැටෙන්නෙත් පානට
*******************
සිහිකරන්න
සිහිවෙනකොට
සිහිනැතිවෙයි
සිහින විමන්
වැඩිකරන්න 
වැඩිවෙනහිත
වැඩිවෙනවද
වැඩිම තරම්
*******************
එදා වේගිරියෙ සිටි
කීරාළ නම් කිවිදු
දන්න අය ඉන්නවද
දැක්ක අය ඉන්නවද
කෙටි වදන් පෙළ ගැසූ
උජාරුව අපූරුයී
නැණසරයි පැහැබරයි
හදවතට ලෙංගතුයි
මතකයේ රැව්දිදී
ඔහු කියූ ලොව දකියි
*******************
ප්‍රණාමෙට
ප්‍රණාමය
ඒක හොද
පුරුද්දක්
ප්‍රණාමෙට 
බකතපස්
ඒක ලොකු 
පලුද්දක්
********************
කෘන්තක
රදනක
පුරශ්චාර්වක
චාර්වක
මැද්දෙ දිව වගෙමං 
උඩු හුළග හමනකං
********************
පින්තූරෙ
ගන්න කොට
කැමරාව
හොරු අරං

හොරු ගත්ත
කැමරාවෙ
පින්තූරෙ
උස්සලා
********************
පුස්කොලේ 
ඇදි රටා 
ඩිජිටලේ 
දිළිසේවි
********************
නිවනේ 
දොර 
නිවන 
වහල
********************
සංගුව පිම්බා
හරියට තිතටම
කළු උන ජූලියෙ
ලපේ මකන්නට
*හිතෙන්න
ඉස්සර
චුට්ටක්
හිතන්න
********************
පොත්තෙ 
ගුණේට 
මදේ විතරක් 
කන උන්
********************
පළගැටියා 
කැරකෙන්නේ 
ගිනිදල්ලට 
ඔච්චමටලු
********************
අදුරුයි 
තෙතයි 
ලිස්සනසුලුයි 
ඒත් 
ඇලෙනවා 
ගැලෙනවා
තොරතෝංචියක්
හාංකාවිසියක්
නැතුව
හුදකලාවෙම
නිදිබරව

********************
මාලු පොල් 
ගානවා හිරමණේ 
මුඩ්ඩ 
කඩන්නෙම නැතුව 

********************

3 comments:

  1. boho ageya meya kalpa kaalayak masithehi radena bawa wishwaasaya!

    ReplyDelete
  2. විශිෂ්ඨයි. පිටු සකස් කිරීමත් රසවත් වුණා නම් හරි අපූරුයි.

    ReplyDelete
  3. හොඳයි පිටු එකින් එක ගන්න විදියට හදන්න.

    ReplyDelete