ඕලු මලුව







කඳුල


නුඹත් 
හිනාවෙයන් 
මගේ දුකට

*



ගිය දුරුත්තෙත් සිරිපා වැන්දේ මම තනියම ඇවිදින්
ඊළඟ වාරේ එන්නේ මේලෙස නොවේ කියා හිතමින්
ගෙවී ගියා දන් දුරුතු හත අටක් මේ වාරෙත් ඇවිදින්
වෙනදා වාගෙම තනි පංගලමේ යන්නද මොන හිතකින්


*


හෙට


නූපන්නට 
කමක් නෑ
අද වගේමනං






මල

නුඹ 

විතරක්මද
ප්‍රවේශම් 
වියයුතු ?








වෘත්තය


සමචතුරස්‍රයේ
උද්වේගකර
භ්‍රමණයේ
මායාව 





මිනිසා




දෙපිටකාට්ටු


නිර්මාණය
ස්වභාව ධර්මයේ
අපූර්වත






පුතු

නොදැමුනු
ඉඳුරන්ගේ
සදාචාරාත්මක
ප්‍රතිපලය


දුක

ඇයි
මෙතරම්ම
සැප


නොරකින්
කුමරි බඹසර
නැගනියේ.
ඉඩදෙන්
එතැන ගන්නට
හෘදය සාක්ෂියට!


ඇගෙ සෙනෙහස



සෙක්කුව 


වගේ
|කොච්චර දුර ගියත් එකතැනමයි|







මහගෙයි උළු කැට පාත බලාගෙන
නඟනා දුක් හඬ නැද්ද ඇසෙන්නේ
විලාපයක් සේ මහ හයියෙන්
අත්තම්මා මිය ගිය දවසේ


අමෘතය

පෙම්වතියට 
හොරා
බොන
සිගරැට් උගුර



බිජ්



නොතිබුනානං


හෙටක් තියා
අදක්වත්
 තියෙනවායැ



පාරෙ බස් එක

බලු පොල්ලෙ
ගිය අපිට 
මේ හොඳා
සෝමක්කෙ



නුඹ හඬන්නෙ මං හින්දයි
මං හඬන්නෙ නුඹ හින්දයි
නුඹ හඬන්නෙ
මං හඬන්නෙ
නුඹෙත් මගෙත් හිත හින්දයි






හිත ඇතුලේ හිතට හොරා
ඩිංග ඩිංග පෙරුම් පුරා
හෙමින් බැන්ද හීන් ආදරේ
උඹට අගේ නැද්ද හුත්තියේ






මිනිසෙකු ලෙස ඉපදුනු ඔඹ
මිනිසෙකු ලෙස මිය ගියෙහිය
ඒ අතරෙත් මිනිසෙකු ලෙස 
ජීවත්වී හිඳ!






හංගාගෙන නොඉඳ හිතේ
කියපන් බං ජයම්පතී
ලෙන්ගතුකං මෝරන එක
ඔය වයසට අරුමයක්යැ






පහන් සිලක අග
කරණම් ගසනා 
පළගැටියෙකු අල්ලා
ඉවත දැමූ කල
උගෙ හිත පෑරෙයි
පුරුදු දුකෙන් මිදිලා






සතර පෙර නිමිති

සක්මන් මලුවේ 
ඉක්මන් ගමනින්
සිල් බිඳ ගත්ත කෙනෙක්
හිත පිනවන්නට 
නෙත මායිම් කර 
ඔඳ බිඳ ගත්ත කෙනෙක්
කුස තුල පවසට
ලෝ දිය පහසින්
හද බිඳ ගත්ත කෙනෙක්
අගක් මුලක් නැති
කතරක ලතැවෙන
මල්මද බිසව් කෙනෙක්





අතරමංව හිඳ සසර දනව්වේ
කෙලෙස් මලින් සිත පාරාජිකවූ
නන්නාඳුනනා මිනිසුන්වූ අප
උනුන් නසන්නේ ඇයි






ආදරය

දුක
හඹා එන
චමත්කාරයේ
සුවඳ



කුමට සිල් රකිනු ඔබ
දරු කැල තහඬද්දී  
උන් සාය පිරිමහන

පියාණන් වනු නොහී






කෝවිල දොරකඩ
අත පානා හිත
නුඹට උරුම කල
ලෝකය නිහඬය
අවසන් නින්දේ
සුවය ලබනතුරු
සිනා නොවන්නෙද
ලෙච්චමියේ






යාදෙක නොරත රත
එකට පෑහීමක් නැත
ලාකඩ එහෙම නැත
එකක් රත් නම් අනික යාවෙත

*



සද්දන්ත කුලේ ඇත්තූ
රට ගිය දූ පුත්තූ
පෙරහැර යන දා
ඇවිදින් දිය නා
පෙර පෙළ දිදුලනවා
අපි දෑල බලන් හිඳිමූ






නික්මන 
සුන්දරය
එහෙත්
ඇරඹුම
භයංකාරය 







ඔසරි පොටෙන් වැහෙන ළැමේ


කිරි බිඳකට ඇයි තහංචි
බාල බිලිඳු දෙතොල් මෑළවිලා
සළෙල නෙතේ අඳුන් තවරලා




රූපෝති අක්කේ
කෝ මගේ බෑග් එක?
මං කෑවෑ
ඔහෙ නැතෑ යකෝ!!!







පැලෙත් ඉඩ නැත පිලෙත් ඉඩ නැත


වනේ වාසෙට යන්න හිතිලා
මගට බැස්සෙමි කුඩෙත් අරගෙන
මගදි වැස්සකි කුඩෙත් ඉරිලා
ළඟින් යන්නට පාර සෙව්වෙමි
එයත් වැරදී රැයත් ලබලා
වනේ දුටුවෙමි,වනේ ගස් නැත
ඉසුරු සම්පත් වලින් වැහිලා








මුරුතැන් කද උස්සාගෙන


නොයන් නගෝ දෙව් අරමට
දෙවියොත් දැන් ඉස්සර වගෙ
සිල් රකින්නෙ නෑ
වැදු අම්මත් හදු අප්පත්
විතරයි උඹ ගැන හිතන්නෙ
අනිත් උන්නෙ පපුකනැත්තෙ
තෙතමනයක් නෑ







කඩුපොලු අරගෙන පන්සල් යන්නේ


ඇටවැල ගනිමින් යුදයට යන්නේ
අගමුල පටලාගෙන දඟලන්නේ
මේකද සැනසුම අද මිනිසුන්නේ

*

හාන්සි පුටුවට තනිය මකාලූ
ඉලත්තට්ටුවයි පඩික්කමයි අද
මළකඩ බැඳිලා මරණ මංචකේ
කණිසම හැඬවෙන තුරු ඉන්නේ







ඉඩදෙන්න හදවතට
තනිවෙන්න සෙනෙහසින්
ඉඩ නොදෙන් හදවතට
තනිවෙන්න වෛරයෙන්
ඉඩදෙන්න සෙනෙහසට
තනිවෙන්න හදවතේ
ඉඩ නොදෙන් වෛරයට
තනිවෙන්න හදවතේ





*



එපා යළි පිපෙන්නට
මේ රුදුරු මිහිතලේ
මිනිස් භවයේ උපන්
සතෙකුගේ සුව පිණිස
බිලිවෙන්න මරණයට

*

නිසල රාත්‍රි යාමයේ

මගෙ කුටියට එබෙන්නෙපා
සඳවතියේ එබෙන්නෙපා
සසල වේවි  ආදරේ

*


බෝධිය වියපත් දගැබ ජරපත්
පිළිම වහන්සෙත් ඉරි තලලා
ධාතු කරඬුවත් ධර්ම පුස්තකෙත්
වැඩ සිට් තැන් වේයන් ලැගලා
සංසාරෙන් සංසාරයට පතා ආ
කිසිම දෙයක් නැහැ ඉතුරු වෙලා
ලොකු හා'ඳුරුවන් පණ නල එක්කල
මේ හැම දේමත් මියෑදිලා


කැලේ උපන් කැලේ සතුන්
එම කුලයම වනසන විට
සක්විති සුව විඳින දනෝ
නන් දොඩවති උජාරුවෙන්


පිං මදි හිංදද මහණ උනේ නුඹ
දුසිරිත දුරලූ ලොවක් තනන්නට
මුළා නොවූ සිත බලා හිඳීවිද
කම් සැප විඳ විඳ ලොව රැවටූ තැන


* 

වාසුළියක පැටලීගෙන
උඩු ගුවනට ඇදෙන දනෝ
බිම වැටෙනා මොහොතක් ගැන
සිතෙනා පින නොමැති නිසා
සතොස් වඩති කොක් හඬළා
ඒ ඉරණම හිමිවන තුරු





රෑහි හඬනා පැයේ කළුවර
ඉකි බිඳින්නේ හිතේ තනිකම
නෑසියන් නැති කොදෙව්වක් මැද
පුංචි කඳුලක් බොඳ වෙලා


උරේ තිබුන පොත් බෑගය ලන්ද පුරා විසිරිලාය
සුදු ගවුමේ එළිය මකා ලේ පැල්ලම් බොඳවෙලාය
රැහැයියන්ගෙ මූසල හඬ පරිසරයේ රජවෙලාය
සංස්කෘතිය සභ්‍යත්වය නිදි පැදුරෙම මියැදිලාය


ඉර අවරට ගියත් මොකෝ
සඳ අවරට ගියත් මොකෝ
කුස ගින්දර හිතට දැනෙනවා
හිත ගින්දර කුසට දැනෙනවා


මුමුණද්දී නිදිබර නෙත
කොඳුරනු ඇත ගොළුවූ සිත
පාලුව සංකාව වෙළූ
රෑ තනි යහනේ
මං එනතුරු නාඬඉඳින්
චාරුලතාවේ
වියෝ දුකින් නාඬඉඳින්
චාරුලතාවේ

*


හැමදාමත් බණ අහන්න පිං කෙරුවෙත් අපි
හැමදාමත් බණ අහන්න පව් කෙරුවෙත් අපි
කියනු මිසක කරනු බැරිව ළතැවෙන්නෙත් අපි
අගටත් නැති මැදටත් නැති මුලටත් නැති අපි


*



යදිනා තරමින්  අබැ'ටක්වත්


නොලැබෙන්නේනම්
යැදුමෙන් පල කිම උදුරා ගනු මිස
සිතෙනා දවසක ඔඹ මා සිත් තුල
ඉඩ දෙමු හදවතට
පිපිරෙන්න ගිනිකන්දක් ලෙස



 



සමාව දෙන්නට ඔබට නොහැක මට
වරදක් නොකළ නිසා
එපා යදින්නට යළිත් කිසිම දින
තුන්සිත බොළඳ නිසා
ඔබ අන් සතුවූ දෙයක් වුවද අද
මා සිත තරහක් නෑ
වෙන්වීමත් හමුවීමත් අතරේ
මට කිසි වෙනසක් නෑ







පොල් රුප්පා යට එලූ පැදුර මත
ජීවිතයේ මුල් අකුර කියූ දින
පසක් නොවූ තුඟු නබෝ තලය මැද
අතරමංව ගිය සරා සඳකි නුඹ



බුදු බණ ඇහුවට වැඩක් තියෙනවද මේ කලියුග කාලේ
රැලේ දුවන සිත වලේ වැටුන තැන දහමට වෙයි ආලේ
වැඩක් කරනවද පසන් දොඩනු මිස ලොව රවටන තාලේ
හැවක් මිසක් වෙන මොකුත් තියෙනවද බොරු සෝබන ලීලේ



හඬපන් හදවත
තව මහ හයියෙන්
මුලු මිහිතලයම
පුපුරු ගැසෙන්නට



අස්වන්න ලබනු රිසි ගොවීහු වැපිරූහ බිජුවට
නිසි කළට නිසි ලෙසට හෙළා දහඩිය මුගුරු
එසරු කෙත පැසි කලට නෙළාගත්තම සොරුන්
කුමක්වෙද ගොවියනට දිවි නසා ගැනුම මිස






*




ගම හැරදා නුඹ ගියදා හිත වාවනු බැරි
දෑස අගින් දුක වෑහෙයි කඳුලට හැරි හැරි
හෙටක් තියා අදක් කියා දවසක්වත් නැති
මගේ ළඟින් රැඳී ඉඳින් සිහිනෙන් පෙනි පෙනි  


*


ඈ 
කිලිටි කර ගත්තීය
ඇගේම චරිතය,
පිඬු සිඟා යමින් හුන්
සිල්වත් භික්ෂුගේ
පිරිපුන් දේහයට
ලොබ සිතින්
නෙත්සර විදීමෙන්



*

හිත ඉකි බිඳිනා අඳුරු රැයක් මැද
පවන් රොදක් විය ඔබේ සුසුම් පොද
එහෙත් සබඳ මා අද තනි තරුවකි
නෙතු මායිම අග හෙට බොඳවී යන

* * * * * * * * *



No comments:

Post a Comment